විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද  නොවේ හෙට….

විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද නොවේ හෙට….

පාර් ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තව දුරටත් කතා බස් කිරීමට තිබෙන හෙයින් එය පාර් ලිමෙන්තුවට ඉදිරිපත් නොකරන බව අගමැති දිනේෂ් ගුණවර්ධන පවසයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු ඊට විරෝධය පල කරමින් සිටිති.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී සඳුදා රාත්‍රී පැවැති සාකච්ඡාවේ දී
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම්, පාර් ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස් බී දිසානායක, ආචාර්ය සරත් වීරසේකර සහ සිසිර ජයකොඩි යන මහත්වරුන් ඇතුළු පිරිසක් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කරමින් අදහස් දක්වා තිබේ.

හොඳම ප්‍රශ්නය අසා ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් පාර් ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්ය.

සාගර කාරියවසම් මහතා ප්‍රශ්න කර ඇත්තේ 19 වැනි සහ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනවලට සහය දුන් මන්ත්‍රීවරුන්ට රෙද්දක් ඇඳ ගෙන 22 වැනි සංශෝධනයටත් ඡන්දය දිය හැකි ද යනුවෙනි.

පාර් ලිමේන්තුවට බලය ලබාදීම සම්බන්ධයෙන් නිතර කථා කළ රනිල් වික්‍රමසිංහ විධායක ජනාධිපති බලතල ඒ අකාරයෙන්ම රැකගැනීම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට පවරා ඇති බව දේශපාලන විචාරකයින් පවසති.

Related Articles