සමාජ  පිපිරීම  කරන්නේ  මහ බැංකු  අධිපති   නන්දලාල්….

සමාජ පිපිරීම කරන්නේ මහ බැංකු අධිපති නන්දලාල්….

ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා ජත්‍යන්තර මුල්‍ය අරමුදලේ විශ්‍රාම වැටුප් ලබාගැනීමේ හේතුවෙන් ලබැඳියාවන් අතර ගැටුමක් පිළිබඳව සැක පහල වී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, ම න්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

රටේ වත්මන් ආර්ථික අර්බුදය සමාජයට දරාගත නොහැකි සීමාවක් කරා තල්ලු කරමින් සිටින බවයි විමල් වීරවංශ මහතා කියා සිටින්නේ.

“ආර්ථිකය හකුළුවනවා කියලා බැංකු පොළී අනුපාතිකය අහස උසට ඉහළ දාලා තියෙනවා. ඒ කියන්නෙ කිසිම කර්මාන්තකරුවෙකුට ව්‍යාපාරිකයකුට බැංකුවෙන් ණයක් අරගෙන තමන්ගෙ ව්‍යාපාරය කරගෙන යන්න බැරි කරවලා තියෙනවා. ඉතින් අපට නම් පේන විදියට මේ ආර්ථිකය හකුළුවනවා කියකියා කරන්නෙ අපේ සමාජයට දරාගන්න පුළුවන් උපරිමයටත් එහාට අරගෙන යන එක. ඒ කියන්නෙ පුපුරුවන තැනට ගෙනියන එක. සමාජ පිපිරීමක් දක්වා තල්ලු කරන එක.” යැයි විමල් වීරවංශ මහතා පවසයි.

Related Articles