මොකද්ද  මේ මෛත්‍රී දාන  සද්දේ….

මොකද්ද මේ මෛත්‍රී දාන සද්දේ….

වී සඳහා නිසි මිලක් ලබාදෙන්නැයි ඉල්ලමින් පොලොන්නරුවේ ගොවීන් පිරිසක් සමග හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහතා පදික වේදිකාවේ වාඩිවී ගොවීන් සමග උද්ඝෝෂණයෙහි නිරත වනු දක්නට ලැබිණි.

වී සඳහා නිසි මිලක් ලබාදෙන්නැයි ඉල්ලා එම ගොවීන් පිරිස පොළොන්නරුව නගරයේ දී එම විරෝධතාවය සංවිධාන කෙරිණී.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයා ද මෙකී වී ප්‍රශ්නයට වගකිවයුතු මහා පරිමාණ මෝල් හිමියකු වීම නිසා මේ උද්ඝෝෂණයේ අරමුණ පිළිබඳව
විවේචන මතුවෙමින් තිබේ.

අලුත්වැව ගොවි සංවිධානයේ සභාපති පී. ඩී. කේ විජේරත්න – “ගොවියො අරගෙන පාරට එන්න එපා. ඔබතුමාට අයිතියක් නෑ. මොකද ඔබතුමාගෙ මල්ලිගෙ මෝල් සමාගම ඇතුළු අය තමයි තුට්ටු දෙකට වී ටික ගන්නෙ. මේ බොරදියේ මාළු බාන්නේ”

පරාක්‍රම සමුද්‍ර ගොවි ව්‍යාපාරයේ ගොවීන් – “එයා කෑගහන්නෙ එයාගෙ මල්ලි වී ටික ගත්තාට පස්සෙ නෙ. එතකොට දැන් ගොවියා ගාව වී නැහැ නෙ දෙන්න. රටට පේන්න විහිළු කරන්නෙ එයා”.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනය – “අපේ රටේ වී මිල තීන්දු කරන්නෙ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගෙ මල්ලිලාගෙ මෝල්වල. එයා දේශපාලනයට ගෙනාපු නිපුණ මහත්තයලා, මිත්‍රපාල මහත්තයලා තමයි මේ රටේ වී මිල තීන්දු කරන්නෙ. ඉතින් ඔය පේමන්ට් එකේ වාඩිවෙනවාට වඩා මේ ඩඩ්ලි, නිපුණ, මිත්‍රපාල තුන්දෙනාට කතාකරලා කිව්වා නම් සාධාරණය ඉෂ්ට කරන්න කියලා ප්‍රශ්නෙ ඉවරයි. එහෙම කරන්න පුළුවන්කම තියෙද්දී තමන්ගෙ පුතාට බලයට එන්න අනාගතය හදලා දෙන්න ගොවියා රවට්ටන්න පේමන්ට් එකට එනවා” යැයි lanka news වෙබ් අඩවිය වාර් තා කරයි.

Related Articles