ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9 ක්…

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9 ක්…

ශ්‍රී ලංකාවට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 2.9 ක මුදලක් විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ලබාදීමට කාර්ය මණ්ඩල ගිවිසුමකට එළඹී බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද(01) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

එම මුදල විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබුණු පසු අවුරුදු 4ක කාලයක් තුළ ශ්‍රී ලංකාවට ලැබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පැවසුහා. උග්‍ර ණය අර්බුදකට මුහුණ දී සිටින අ ශ්‍රී ලංකාවට මෙම නිවේදනය තීරණාත්මකය. මේ සමඟම ශ්‍රී ලංකාව යනු නය ගනුදෙනු කල හැකි රටක් යන පණිවිඩය ජාත්‍යන්තරය වෙත ලැබෙනු ඇත. මේ සමඟම වෙනත් රටවල් වලින් ණය ලබා ගැනීමේ හැකියාව වැඩිවෙනු ඇත. .
අනෙක් අතට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දැඩි කොන්දේසි වලට යටත්ව ශ්‍රී ලංකාවේ ආර්ථිකය මෙහයවීමට සිදුවෙනු ඇත.

Related Articles