ජැක්ලින්ගේ  වැලිගම  නිවස  රහසක්…

ජැක්ලින්ගේ වැලිගම නිවස රහසක්…

මුදල් විශුද්ධිකරණ චෝදනා ලබා සිටින සුකේෂ් චන්ද්‍රශේඛර් ගේ මුදලින් ශ්‍රී ලාංකික නිළි ජැකලින් ෆර්නැන්ඩස් ශ්‍රී ලංකාවේ සුවිසල් නිවසක් මිල දී ගෙන ඇති බව ‘ඉන්ඩියා ටුඩේ‘ වාර්තා කරයි. කෙසේ වෙතත් මේ නිවස නිශ්චිතව පිහිටා ඇත්තේ කොහිදැයි දැනගන්ට නැත.

ශ්‍රී ලංකාවේ වැලිගම පිහිටි සංචාරක කර්මාන්තය සදහා වැදගත් මන්දිරයක් සඳහා ජැක්ලින් අත්තිකාරම් ගෙවා ඇති බව පවසා ඇතත් මීට සම්බන්ධ ශ්‍රී ලංකික පාර්ශවයන් කව්රුන්දැයි දැනගන්නට නැත.

ශ්‍රී ලංකාවේ නිවසක් මිල දී ගෙන එහි සංචාරක ව්‍යපාරයක් ගොඩ නැගීමේ සැලැස්මක් තිබු බව මේ වන විට අන්වර්ණය වී ඇත .මේ පිළබඳව තමන් දැන් සිටි බව ජැක්ලින් පිලිගෙන ඇත. මුදල් විශුද්ධකරණ වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංකාවේ ඇගේ පවුලේ අයගේ නමින් දේපල මිලදී ගැනීමේ වැඩපිළිවෙලක් සුකේෂ් ,ජක්ලින් සහ සුකේෂ්ගේ සහකාරිය වන පිංකි යන තිදෙනා එක්ව සැලසුම් කලේද යන්න විමර්ශනයට ලක්වෙමින් පවතී.

වැලිගම දේපල මිලදී ගැනීමේදී ශ්‍රී ලංකාවේ විකුණුම් පාර්ශවය නීත්‍යනුකුල නොවන ආකාරයකට කටයුතු කළේද යන්න පිළිබඳව විමර්ශනයට ලක්වෙමින් පවතී.

සුකේෂ් චන්ද්‍රශේකර් විසින් ජැක්ලින්ට රුපියල් කෝටි හත කට අධික වටිනාකමකින් යුත් ස්වර්ණාභරණ තෑගි කර ඇති අතර මෝටර් රථ, මිල අධික බෑග්, ඇඳුම් පැළඳුම්, සපත්තු සහ මිල අධික ඔරලෝසු කිහිපයක් තෑගි කර ඇති බව වාර්තාවේ.

Related Articles