රනිල්  මරණීය  දණ්ඩනය  අනුමත  කිරීම ප්‍රතික්ෂේප  කරයි….

රනිල් මරණීය දණ්ඩනය අනුමත කිරීම ප්‍රතික්ෂේප කරයි….

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා තම අනුමැතිය ලබා දිය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කොට ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ මෙම තීරණය ඊයේ (31) නීතිපතිවරයා හරහා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන ලදී.

විත්තිකරුවන් සිව් දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2019 දී ගත් තීරණයට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අධිකරණය හමුවේ විභාගයට ගත අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් කිරීම වික්‍රමසිංහ මහතා ප්‍රතික්ෂේප කළ බව අධිකරණයට දන්වා සිටියේය. විජිත් මලල්ගොඩ, එල්.ටී.බී. යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවන ලදී. දෙහිදෙණිය, සහ මුර්දු ප්‍රනාන්දු යන වින්සුරුවරුන් හමුවේ නීතිපතිවරයා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරමින් ඒඑස්ජී නෙරින් පුල්ලේ කියා සිටියේ මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවයි.

සිරිසේන 2019 ජුනි 26 දින ප්‍රකාශයක් කර තිබුණේ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වූ සිරකරුවන් හතර දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට තමා අත්සන් කිරීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව ශ්‍රී ලංකා නීතිඥ සංගමය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව (CPRP) ඇතුළු පාර්ශව කිහිපයක් විසින් මෙම පෙත්සම් ගොනු කර ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන බවයි.

Related Articles