ශ්‍රී ලංකාව් මන්ද  පෝෂණය  ගැන යුනිසෙෆ්  එකට  වැරදිලා -අමාත්‍ය  රමේෂ් පතිරණ…..

ශ්‍රී ලංකාව් මන්ද පෝෂණය ගැන යුනිසෙෆ් එකට වැරදිලා -අමාත්‍ය රමේෂ් පතිරණ…..

ශ්‍රී ලාංකික දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ යමින් පවතින බට දත්ත තිබියදී ශ්‍රී ලංකාවේ මන්ද පෝෂණ ගැටලුව උග්‍ර වෙන් බව දැක්වීම දෝෂ සහගත බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසයි පැවසුවේ නවතම දත්තවලට අනුව පසුගිය දශක දෙක තුළ ශ්‍රී ලාංකික දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ යමින් පවතින බවයි.

2009 වසරේ සියයට 27.4ක් වූ මන්දපෝෂණය 2021 වන විට සියයට 12.2 දක්වා අඩු වී ඇති අතර එහිදී ළමුන්ගේ මන්දපෝෂණය සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රගතියක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නවතම දත්තවල පැහැදිලිව සඳහන් කර ඇති බව ඔහු පාර්ලිමේන්තුවට පැවසීය.

යුනිසෙෆ් වාර්තාව සම්පූර්ණ වාර්තාවක් නොවන බවත් රටවල් කිහිපයක සහ විවිධ වසරවල දත්ත පමණක් භාවිත කර ඇති බැවින් එය පිළිගත නොහැකි බවත් ඔහු පැවසීය.

“පසුගිය දශක දෙක තුළ ළමුන් අතර මන්දපෝෂණ මට්ටමේ ක්‍රමානුකූල අඩුවීමක් දක්නට ලැබේ. එය 2021 දී සියයට 12.2 දක්වා අඩු වී ඇත,” ඔහු පැවසීය.

යුනිසෙෆ් වාර්තාව ප්‍රතික්ෂේප කළත් ?

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාව ඉහළ ළමා මන්දපෝෂණයෙන් පෙළෙන රටවල් අතර හයවැනි ස්ථානයට පත්ව ඇති බව සඳහන් යුනිසෙෆ් වාර්තාව ප්‍රතික්ෂේප කළද, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේ, ගැටළු ඇති විය හැකි බවයි.

චීනයෙන් ලබාදුන් සහල් මෙට්‍රික් ටොන් 10,000 පාසල් සිසුන් අතර බෙදාදීමට නියමිත අතර සෑම දරුවෙකුටම සහල් කිලෝ 10 බැගින් ලැබෙන අතර අමෙරිකානු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ලැබෙන ටින් මාළු සහ පරිප්පු ද පාසල් සිසුන් අතර බෙදා දීමට නියමිත බවයි අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේ.

Related Articles