ශ්‍රී ලංකාවේ  ආර්ථික අපරාධකරුවන්ට දඬුවම්  කරන්න -මානව හිමිකම් ප්‍රධානි…..

ශ්‍රී ලංකාවේ ආර්ථික අපරාධකරුවන්ට දඬුවම් කරන්න -මානව හිමිකම් ප්‍රධානි…..

ශ්‍රී ලංකාව් සිදු වූ ආර්ථික අපරාධ පිළිබඳව දැඩි කතා බහක් ජත්‍යන්තර මට්ටමෙන් සිදුවෙන්නට යන බවක් පෙනෙන්ට තිබේ.

මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරනු ලබන වාර්තාවකින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානි මිෂෙල් බැචලේ පෙන්වා දෙන්නේ රට බංකොලොත් කිරීමට වගකිව යුතු පුද්ගලයින් නීතිය හමුවට ගෙන ඒමට අවශ්‍ය බවයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට වගකිවයුත්තන් ට එරෙහිව ක්‍රියා කිරීම පිළිබඳව කරුණු ඉදිරිපත් කළද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට
මේ පිළිබඳව යමක් කල හැකිද යන ප්‍රශ්නය මතුවේ.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩ කිරීම පිළිබඳව සෑම සැප්තම්බරයකම මහා ගාලගෝට්ටියක් නැගුනත් ප්‍රයෝගිකව යමක් සිදුවෙන බවක් පෙනෙන්ට නැත.

සැසිවාරයට සහභාගි වීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මේවන විටත් ජිනීවා නුවරට ගොස් සිටිති.

ආර්ථික අර්බුදය හැරෙන් නට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්ගේ වාර්තාව පුරාම ඇත්තේ සුපුරුදු නිර්දේශය.

Related Articles