සම්පත් බැංකුවේ මුදල් වංචාවක් පිළබඳව සැක

සම්පත් බැංකුවේ මුදල් වංචාවක් පිළබඳව සැක

බැංකුවක මුදල් වංචාවක් යනු බරපතල ගැටළුවකි. මන්දයත් බැංකු පවතින්නේ මහජන විශ්වාසය මත බැවිනි. කැළුම් හර්ෂ වීරසිංහ විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම පරීක්ෂණය සිදු කොට ඇති අතර සම්පත් බැංකුව විසින් මේ පිළබඳව නිවේදනයක් නිකුත් කළ යුතු බව තැන්පත් කරුවන් පවසති.

සම්පත් බංකුවේ තැන්පත්කරුවන්ගේ මහ පරිමාණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් රහස් පොලිසිය විමර්ශන කටයුතු ආරම්භ කොට ඇත. බැංකුවේ නිලධාරීන් පස්දෙනෙකුට විදේශ ගමන් තහනම් කරමින් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කොට ඇත්තේ අදාළ නිළධාරීන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමටය.

සම්පත් බැංකුවේ තලාහේන ශාඛාවේ ‌ණය නිලධාරියා ලෙස කටයුතු කළ සචික අල්විස් ලබන 20 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කරණ ලෙසද කඩුවෙල මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කළ‌ේය.

මේ අතර, සම්පත් බැංකුවේ තලාහේන ශාඛාවේ කළමනාකාරිය ලෙස කටයුතු කළ අංක 139, බංගලාවත්ත, කොට්ටාව පන්නිපිටිය යන ස්ථානයේ පදිංචිව සිටි තනුජා මුතුකුමාරණ නැමැත්තිය මේවන විට රටින් පැනගොස් ඇතැයි ද ‌හෙළිව තිබේ.

Related Articles