හමාස් එකට මේතරම් සල්ලියක් කොයින්ද ?

හමාස් එකට මේතරම් සල්ලියක් කොයින්ද ?

හමුදාමය වශයෙන් දැඩි ලෙස ශක්තිමත් ඊශ්‍රලයට උමං මාර්ග ඔස්සේ පහරදීමට තරම් හමාස් සංවිධානය ශක්තිමත් වුයේ කෙසේද යන්න ගැටළුවක් වී තිබේ . අනෙක් අතට ලෝකයේ හොඳම බුද්ධි අංශ වලින් එකක් වන්නේ ඊශ්‍රලයේ මොසාඩ් බුද්ධි සේවවායි .

එක්සත් ජනපදය හා යුරෝපා සංගමය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස සලකන හමාස්, දශක ගණනක් තිස්සේ සම්බාධකවලට ලක්වූ ද, ජාත්‍යන්තර බැංකු පද්ධතියට ප්‍රවේශය නොමැතිවූ මූල්‍යමය තහංචිවලට ලක්වු සංවිධානයකි.

එසේ නම් ඔක්තෝබර් හත්වැනි දා දහස් ගණනක් රොකට්, ඩ්‍රෝන හා අනෙකුත් අධි තාක්ෂණ උපකරණ යොදාගෙන ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය සඳහා අවශ්‍ය මුල්‍ය සම්පත් හමාස් සවිධ්නය සංවිධනය තමන් සතු කරගත්තේ කෙසේද?යෙන් පෙනී යන්නේ, මේ සටන්කාමී සංවිධානයට සම්පත්වලින් අඩුපාඩුවක් නොමැතිබව යි.

හමාස් සංවිධානය ඇත්තේ මිලියන 2.3ක ජනගහනයක් සිටින ගාසා තීරයේ මුඩු බිම් ප්‍රදේශයකි. මේ කුඩා ප්‍රදේශය තුලින් දැවැන්ත මුල්‍ය සම්පත් උත්පාදනය කරගත්තා විය නොහැක .

නිසැක වශයෙන්ම හමාස් සංවිධානයේ මූල්‍යමය ගනුදෙනු ගාසා තීරයෙන් ඔබ්බට අසංවිධිත ජලයක් වෙත විහිදෙයි. හමාස් යනු 1987 දී ආරම්භ කරන ලද, දේශපාලන හා හමුදා යන දෙඅංශයෙන්ම සමන්විත ඉස්ලාමික ව්‍යාපාරයකි. එහෙයින් ඊට මතවාදී එකඟතාවක් ඇති පුද්ගලයින් සහ සංවිධාන වෙතින් සහයෝගය පළවී ඇති බව සැක කෙරේ .

ක්‍රිප්ටොකරන්සි ඩිජිටල් මුල්‍ය ඒකක භාවිතා කරමින් කළ ගනුදෙනු ඔස්සේ හමාස් සංවිධානය මුදල් එක්රැස් කරගෙන් තිබෙන බවයි විමර්ශකයින් පෙන්වා දෙන්නේ .

කටාර් ආධාර :

රටක් වශයෙන් කටාර් රාජ්‍ය සහ හමාස් නායකත්වය අතර සමීප සම්බන්ධයක් ගොඩනැගී ඇත.  ලොව ධනවත්ම රාජ්‍යයන්ගෙන් එකක් වන මේ කුඩා ගල්ෆ් රාජ්‍යය, ගස් තීරයේ වෙසෙන් පලස්තීනුවන්ට මානුෂීය ආධාර ලබා දෙයි.

2012 දී, එවකට කටාරයේ එමීර්වරයා වූ ෂෙයික් හමඩ් බින් ඛලීෆා අල්-තානි හමාස් පාලනය යටතේ පැවැති ගාසා තීරයට ගිය ප්‍රථම රාජ්‍ය නායකයා වූ අතර, ඩොලර් මිලියන ගණනක ආධාර ලබාදීමට එකඟ විය. අවසානයේ දී මෙයට ඊශ්‍රායල අනුමැතිය ද හිමිවිය.

ඩොලර් බිලියන ගණනක මානුෂීය ආධාර මුදල් හමාස් සඳහා නොව පලස්තීනුවන් සඳහායැ යි කටාර් රජය අවධාරණය කරයි. මෙම ආධාර මුදල කොපමණදැ යි පැහැදිලි නැතත්, එය 2014 සිට බිලියන එකත්, 2.6ත් අතර මුදලක්බව විශ්ලේෂකයින් ඇස්තමේන්තු කරති .

“ගාසා ඇතුළුව පලස්තීන ප්‍රදේශවලට යවන මුදල් බොහෝවිට ලෝකෙ වැඩියෙන්ම නිරීක්ෂණය කෙරෙන මුදල් වෙන්න ඕන. මොකද, මේ මුදල්වලින් කොටසක් එන්නේ එයාලගෙ බැංකු හරහා නිසා එක්සත් ජනපදයෙත් ඊශ්‍රායලයෙත් බුද්ධි අංශත්, ජෝර්දානයත්, ඊජිප්තුවත් මේ මුදල් දැඩිව නිරීක්ෂණය කරනවා,” හමාස් සංවිධානය පිළිබඳ කෘතීන් කීපයක කතුවරයා ද වන මේ පලස්තීන විශ්ලේෂකයා කියා සිටියේ ය.

එසේ නම් මේ මුදල් හමස් සංවිධනය අතට පත්වන්නේ කෙසේද ?

එම මුදල දෝහාහි සිට ඊශ්‍රායලයට මාරුකර යවනු ලැබූ අතර, එතැන් සිට එම මුදල් නෝට්ටු බ්‍රීෆ්කේස්වල බහා කටාර දූතයින් විසින් ගාසාහි උතුරුදිගින් පිහිටි එරෙස් මාරුව ඔස්සේ ගාසා තුළට ගෙනයනු ලැබුණි. එම මුදල ගාසා වෙත ලබාදුන් පසු තැපැල් කාර්යාල සහ සුපිරි වෙළඳසැල් හරහා නිලධාරීන්ට ද, දරිද්‍ර පවුල්වලට ද සෘජුවම බෙදාදෙනු ලැබුණි.

මෙවැනි ජාත්‍යන්තර මුදල් ආධාරවලින් කොටසක් හමාස් සන්නද්ධ අංශය අතට පත්වනබව ඇතැම් විශ්ලේෂකයින්ගේ විශ්වාසය යි. හමාස් මෙය නිරන්තරයෙන්ම ප්‍රතික්ෂේපකර ඇති අතර, ඊට කිසිදු සාක්ෂියක් නැතැ යි අල් හරූබ් ද සහතික කරයි. එසේ නම් මේ මුදල් එන වෙනත් මාර්ග ද තිබිය යුතුය .

නිව්යෝර්ක් ටයිම්ස් වාර්තා කරන පරිදි හමාස් මුල්‍ය ගනුදෙනු පිළිබඳව මීට වසර කීපයකට පෙර කරුණු අනාවරණය කර ගැනුනද ඒ පිළිබඳව නිසි අවධානය යොමුවී නැත.  මේ බුද්ධි මෙහෙයුමේදී හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ පරිගණකයකින් සොරාගත් ලෙජරවල තොරතුරු හෙළිදරව් විය . ඩොලර් මිලියන සිය ගණනක වත්කම් ලැයිස්තු හමුවී ඇත. හමාස් විසින් සුඩානයේ පතල් කැණීම, කුකුල් මස් අලෙවිය , මාර්ග තැනීමේ සමාගම්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදැවැන්ත තට්ටු නිවාස , ඇල්ජීරියාවේ දේපල සංවර්ධනය සහ තුර්කි කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත කර ඇති දේපල වෙළඳාම් සමාගමක් පාලනය කිරීම සිදු කොට ඇත .

නිව් යෝර්ක් ටයිම්ස් මාධ්‍ය වේදීන් පෙන්වා දෙන ආකාරයට මේ කිසිදු සමාගමක් එක්සත් ජනපදයෙන් හෝ ඊශ්‍රායල සම්බාධකවලට මුහුණ දුන්නේ නැත. කිසිවෙක් සමාගම්වලට ප්‍රසිද්ධියේ කතා කළේවත්, මූල්‍ය ජාලයේ කේන්ද්‍රස්ථානය වන තුර්කියට එය වසා දමන ලෙසට බලපෑම් කළේවත් නැත.

බටහිර සහ ඊශ්‍රායල මුල්‍ය බලධාරීන් ගේ අකාර්යක්ෂමතාව සහ විෂක්ෂණශීලී බවේ අඩුව නිසා හමාස් සංවිධනයට තම මුල්‍ය මෙන්ම ආයුධ ශක්තිය ගොඩනගා ගත හැකි වූ බව ඇතැම් ආරක්ෂක විශ්ලේෂකයින් පෙන්වා දෙති.

Related Articles