සියළු සර්ව පාක්ෂිකයින්ට   ඇමති  පදවි…

සියළු සර්ව පාක්ෂිකයින්ට ඇමති පදවි…

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අරගලකරුවන්ට ප්‍රහාර එල්ල කිරීම පිළිබඳව විපක්ෂය දැඩි දෝෂදර්ශන එල්ල කළත් ඒ සියළු දෙනාට ඇමති තනතුරු පිරිනැමීම මගින් සර්ව පාක්ෂික ආණ්ඩු වැඩපිළිවෙල ගොඩදා ගත හැකි තත්වයක් උදා වෙමින් තිබෙන බව දේශපාලන නිරීක්ෂකයින් පෙන්වා දෙති.

සර්ව පාක්ෂික ආණ්ඩුවට එක්වන සෑම සුළු පක්ෂයකටම එක් ඇමති ධුරයක් ලබා දීමට සැලසුම් කර ඇති අතර මේ මගින් රනිල් වික්‍රමසිංහහට වැඩි විරෝධයකින් තොරව ඉක්මන් මැතිවරණයකට නොයා ඉතිරිව තිබෙන ධුර කාලය සම්පුර්ණ කරගත හැකිවෙනු ඇත. අනෙක් අතට ඇමතිකම් ලබාගැනීමට රිසි විපක්ෂ මන්ත්‍රීවරුන්ද මෙම අවස්ථාව මග හැරීමට අකමැති වනු ඇත.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහි කිරීමට අදාළ කටයුතු පිළිබඳව දේශපාලන පක්ෂ 12ක් පමණ එක්ව සිටින අතර යම් හෙයකින් සමඟි ජන බලවේගය සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක් නොවන්නේ නම් සර්ව පාක්ෂික ආණ්ඩුවක ඇමතිකම් දැරීමට කැමති මන්ත්‍රීවරුන්ට කැබිනට් සහ රාජ්‍ය ඇමති තනතුරු ලබා දීමට ඉඩ ඇත.

සර්ව පාක්ෂික ආණ්ඩුවකට සම්බන්ධ වීමට සමගි ජන බලවේගයට කිසිදු අදහසක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඇමති වරප්‍රසාද…

සර්වපාක්ෂික ආණ්ඩුවක් සඳහා තම පක්‍ෂයට මෙතෙක් ආරාධනයක් ලැබී නැති නමුත්, සර්වපාක්ෂික ආණ්ඩුවකට ආරාධනයක් ලැබුණහොත් එය පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තීන්දුවක් ගත යුතු බව හිටපු ජනාධිපති සිරිසේන මහතා පවසයි.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර යන හිටපු අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කුඩා පක්ෂ 10 කණ්ඩායම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සහාය ලබාදීමට තීරණය කර ඇති බව සඳහන්.

Related Articles