ජපන්  තානාපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් …

ජපන් තානාපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් …

ඊයේ (ජුනි 30) දෙමළ ජාතික සන්ධානය (TNA) හමුවූ කොළඹ ජපාන තානාපති Mizukoshi Hideaki ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර වැරදි ලෙස කළමනාකරණය වීමේ අවදානමක් පවතින බවත්, එබැවින් ජපානය මේ අවස්ථාවේදී රටට සහය නොදෙන බවත් පවසා ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් ජපානයට එය පසුව සලකා බැලිය හැකි බව ඔහු පවසා තිබේ. මේ පිළිබඳව ජපන් තානාපති කාර්යාලයෙන් නිවේදනයක් නිකුත් වූ බවක් දැනගන්නට නැත .

මේ ප්‍රකාශය අනුව කියැවෙන්නේ පවතින පරිපාලනය පිළිබඳව ජපානයට විශ්වාසයක් නැති බවයි. මේ වන ශ්‍රී ලංකාව වැඩිම ණය ගෙන ඇත්තේ ද ජපානයෙනි.

සැහැල්ලු දුම්රිය:

කොළඹ අගනුවර මාර්ග තදබදය අවම කිරීම සඳහා ජපානයේ ආධාර යටතේ ක්‍රියාත්මක වූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක් අවලංගු කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කළේය .

වසර කිහිපයක ශක්‍යතා අධ්‍යයනයකින් සහ මහ කොළඹ ප්‍රදේශයේ ප්‍රවාහනය සඳහා ප්‍රධාන සැලැස්මක් සකස් කිරීමෙන් අනතුරුව මෙම ව්‍යාපෘතිය ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය සමඟ එක්ව සංවර්ධනය කළ නමුත් වර්තමාන ආණ්ඩුව පැවසුවේ මෙම ව්‍යාපෘතිය මිල අධික බවත්, බොහෝ ගොඩනැගිලි කඩා දැමීමට තුඩු දෙන කුළුණු මත ඉදිකර ඇති බවත් එය පරිසරයට හානි කරන බවත්ය.

මේ සිදුවීම දෙරට අතර සිදුවෙන මුල්‍ය ගනුදෙනු වලට බලපෑ හැකි බව මුල්‍ය විචාරකයින් අනතුරු ඇඟවුහ.

Related Articles