මර්වින්  අත  හා අත්වැල්…

මර්වින් අත හා අත්වැල්…

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) සාමාජිකත්වය ලබාගෙන තිබේ. ඔහු ශ්‍රීලනිප සාමාජිකත්වය ලබාගෙන ඇත්තේ එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙනි.

මිනිසුන් ගස් බැඳීමේ සිට තර්ජනාත්මකව තමන්ට අවශ්‍ය දේ කරවා ගැනීමට සමත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා හට මීට පෙර විරෝධය පල කොට ඇති පිරිස් අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද සිටී.

මර්වින් සිල්වා මහතාට අනුරාධපුර මහා විහාර සංඝ සභාවේ “බුද්ධ ශාසන කීර්ති ශාසන බන්ධු” ගෞරවනාමය අනුරාධපුර මහා විහාරයේදී පිරිනැමිණි.

රාජපක්ෂවරුන් සමග ගජ මිතුරු දේශපාලනයක නිරතවූ ඒ මහතා අනතුරුව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග දේශපාලනය කිරීමට පියවර ගත්තේය. තවත් විටෙක රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම රාජපක්ෂවරුන්ද දැඩි දෝෂදර්ශනයට ලක් කළේය .

මර්වින් සිල්වා කුමකටද ?

චතුර ලෙස කථා කිරීමේ හැකියාව ඇති මර්වින් සිල්වා ඉදිරි දින කීපය තුල ඉතා සැර භාෂාවෙන් ආණ්ඩුවට එරෙහිව කරන ප්‍රකාශ තුලින් ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වැඩ පිළිවෙලක් ඇත’ යන මතය තහවුරු කිරීමට කටයුතු කරන බව දේශපාලන ආරංචි මාර්ග වලින් දැන ගන්නට තිබේ.

හාස්‍ය, දෙපිට කැපෙන වචන, සහ ආවේගය මුසුවූ කථා වලින් පහසුවෙන් කුල්මත් වෙන මාධ්‍ය ග්‍රාහකයින් සිටින වටපිටාවක් තුල මර්වින් සිල්වා හට ඇත්තේ ඉහළ ලන්සුවකි.

Related Articles