පලා  ගිය තෙල්  නැවේ  සුලමුල ….

පලා ගිය තෙල් නැවේ සුලමුල ….

ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබු මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් තෙල් නැවක් අතුරුදන්වීමේ සිද්ධියක් පිළිබඳව ආන්දෝලනාත්මක තත්වයක් මතුවී තිබේ .

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි වූ එක් සැපයුම්කරුවෙකු විසින් ඇනවුම් කරන ලද මෙම මෙට්‍රික් ටොන් 40,000 නැව්ගත කිරීම මුලින් ජුනි 23 වැනි දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ නමුත් දින දෙකකට ආසන්න කාලයක් ප්‍රමාද විය. එය ශ්‍රී ලංකාවේ වෙරළට ඔබ්බෙන් වූ අතර පසුව කොළඹ වරායෙන් ඉවතට ගමන් කල බව මාධ්‍යට හෙළිදරව් වී තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මෙම භාණ්ඩ තොගය පැමිණෙන බව තහවුරු කරමින් ප්‍රකාශ නිකුත් කළ නමුත් , දිවයිනට පැමිණීමට නියමිත අනෙකුත් නැව්ගත කිරීම් සඳහා දින නියම නොකර මෙම ගනුදෙනුව ක්‍රියාත්මක නොවන බව අවසානයේ පිළිගත්තේය.

මෙට්‍රික් ටොන් 40,000 ක තෙල් සඳහා මිලදී ගැනීම් කරන අවස්ථාවේ දීම සඳහා ඩුබායි හි “Laser head” නම් ජාත්‍යන්තර රුසියානු සමාගමක දේශීය නියෝජිතයාට ලබා දී ඇත්තේ ටෙන්ඩර් නොකළ ( unsolicited proposal) යෝජනාවක් මත පදනම්ව බව සන්ඩේ ටයිම්ස් පුවත්පත හෙලිදරව් කරයි.

කොන්ත්‍රාත්තුව ලැබීමෙන් පසු, සමාගම ලේසර් හෙඩ් ඉන්දියා ලෙස නම වෙනස් කර ලේඛන අත්සන් කිරීමේදී දෙවන වරටත් නම ‘නයිස් සමාගම’ ලෙස සමාගම් නම වෙනස් කොට ඇත .

මෙම නැව්ගත කිරීම ආනයනය කිරීම සඳහා ආණ්ඩුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 42.6 ක තහවුරු කළ ණයවර ලිපියක් මහජන බැංකුවේ විවෘත කර ඇති බව නිල ලේඛනවලින් අනාවරණය වී ඇති නමුත් තෙල් තොගයට කුමක් වීද යන්න පිළිබඳව දැනගන්නට නැත .

පුද්ගලික සැපයුම්කරුවන් විසින් මෙවැනි ටෙන්ඩර් නොකළ යෝජනා යටතේ ඉන්ධන ආනයනය කොට පාර්ශ්ව අතර කොමිස් මුදල් හුව මාරු කිරීමේ පුරුද්දක් පැවති බව කලකට පෙර ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ තනතුර දැරූ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මාධ්‍යට පවසා ඇත .

වඩා හොඳ මිලක් ලබා ගැනීම සඳහා තෙල් නැව ලංකා මුහුදින් නික්ම ගියා වන්නටද පුළුවන .

නැව්ගත කිරීම සඳහා ගෙන එන ලද ඛනිජ තෙල් නිෂ්පාදනය රුසියානු සම්භවයක් තිබු නිසාත් සැපයුම්කරු රුසියානු සමාගමක් වූ නිසාත් රුසියාවට එරෙහිව පනවා ඇති සම්බාධක හේතුවෙන් එක්සත් ජනපද ෆෙඩරල් සංචිතය හරහා ගෙවීම් කරන ලෙස එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකා බලධාරීන්ට බල කිරීම් හමුවේ මෙම නෞකාව පලා ගියා වන්නටද පුළුවන.

කෙසේ වෙතත් කුමක් සිදුවීද යන්න පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක් කිරීම ඛනිජ තෙල් අමාත්‍ය කාංචන විජේසේකර ගේ වගකීමයි.

Related Articles