ඉන්දීය ණයට  දැඩි කොන්දේසි….

ඉන්දීය ණයට දැඩි කොන්දේසි….

මේ වන වීට ඉන්ධන හිඟය රට අකර්මන්‍ය කර ඇති අතර, ගෝඨාභය රාජපක්ෂ-රනිල් වික්‍රමසිංහ රජය අර්බුදය සමඟ පොර බදින අතරේ මහජනතාව තැන තැන ගැටුම් ඇති කරමින් සිටිති.

මේ මස අවසන් වන තුරු ප්‍රමාණවත් ඉන්ධන තොග මෙරටට නොලැබෙන බව තහවුරු වී ඇතැයි වෙළඳ පල ආරංචි මාර්ග වලින් තහවුරු වී ඇත. ආණ්ඩුව විසින් නව තොග ආනයනය සඳහා ඇණවුම් කර නොමැති අතර ඉන්ධන ගැටළු සම්බන්ධයෙන් අගමැති වික්‍රමසිංහගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස කටයුතු කරන සාගල රත්නායක (‘මාණ්ඩලික ප්‍රධානියා’) කියා සිටීයේ ජූලි විසිවෙනිදා වන විට ඉන්ධන ලැබෙන බව කියා සිටියත් එවැනි දින නියම කිරීමක් නැති බව අගමැති කාර්යාලය පසුව කියා සිටියේය . මේ අනුව අවිනිශ්චිතතාවය දැඩිය .

ඉන්දියන් ඔයිල් කෝපරේෂන් සමාගම ඩීසල් සහ පෙට්‍රල් නැව්ගත කිරීම් තුනක් සඳහා ඇණවුම් කර ඇති අතර මේ ඇනවුම් පැමිණෙන්නේ මේ මාසයේ මැද භාගයේ දී පමණ බව ඔවුන් පවසති.

එම තොග පැමිණියද රටපුරා අවශ්‍යතා සපුරාලීමට එය ප්‍රමාණවත් නොවන අතර ඒවා දින කිහිපයකට වඩා පවතින්නේ නැත.

ඉන්දියානු ආධාර වියැකී යයිද ?

මාස ගණනාවක් තිස්සේ අර්බුදය සමඟ පොරබදමින් සිටින රජය මේ වන විට හති වැටී සිටින බව පැහැදිලිය. ඉන්දියානු ණය මාර්ග ද වියැකී යමින් පවතී. ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ අතර පැවති හමුවකදී ණය ආපසු ගෙවීමට ශ්‍රී ලංකා රජයට ඇති හැකියාව ගැන තමන්ට අවධානයෙන් සිටීමට සිදුව ඇති බව දන්වා ඇති බව වාර්තා වේ.

අනෙක් අතට ඉන්දියාවට තමන්ගේම සීමාවන් ඇති අතර දිගින් දිගට දන්සැල් මාදිලියේ ණය දීම ඉන්දීය ජනතාව අනුමත නොකරනු ඇත .මේ වන විට දැන් ඉන්දියාව නියම කර ඇති කොන්දේසි වලට එකඟ වීම හැර වෙනත් විකල්පයක් ශ්‍රී ලංකාවට නොමැත.

ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂ (BJP) ආන්ඩුව ශ්‍රී ලංකාවට විශාල මුදල් ප්‍රමාණයක් පොම්ප කරන්නේ මන්දැයි එරට විපක්ෂය ප්‍රශ්න කරමින් සිටී කොටස් තුනකින් ඩොලර් බිලියන දෙකක පමණ ණය ලබා දීමට ප්‍රතිපත්තිමය වශයෙන් ඉන්දියාව එකඟ වී ඇතත් ණය කොන්දේසි පැහැදිලි නැත.

මේ වන විට සෙසු ණය පහසුකම් සැලසෙන තෙක් සැලකිය යුතු මුදලක් කැප කළ එකම රට ඉන්දියාවයි.

නව කොන්දේසි සියල්ලම පාහේ ශ්‍රී ලංකාවට පිළිගත හැකි බවට ජනාධිපති රාජපක්ෂ සහ අගමැති වික්‍රමසිංහ යන දෙදෙනාම සහතික වී ඇත. මේ තත්වය යටතේ ශ්‍රී ලංකාවට දැඩි කොන්දේසි මත ඉන්දීය ණය ලබා ගැනීමට සිදුවෙනු ඇත .

Related Articles