නව නිදහස් අරගලය දියත්වෙයි….

නව නිදහස් අරගලය දියත්වෙයි….

නව දේශපාලන සංස්කෘතියක් ප්‍රර්ථනා කරන දේශපාලන එකතුවක් බිහී වී ඇත.

එකතුවේ ප්‍රකාශක මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසුවේ සියළුම ශ්‍රී ලාංකිකයන්ට පිළිගත හැකි ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීමෙන් විශාල ව්‍යසනයක් වළක්වා ගත හැකි බවයි.

මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයෙක් වන අතර මෙම නව එකතුව පක්ෂයේ අනුග්‍රහය ලබන පුළුල් ජනතා ව්‍යපාරයක් බව පෙනේ.

මේ අවස්ථාව වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම ජනතා පදනම පුළුල් කර ගනිමින් සිටින බවක් දක්නට ලැබේ.

මහින්ද සහ බැසිල් රාජපක්ෂ පොහොට්ටු කණ්ඩායම පිහිටුවා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ දෙනා ඊට එක් වූ ආතර පක්ෂ පදනම සලිත විය.

බැසිල් රාජපක්ෂගේ බලපෑම නිසා මේ වන විට එහි අනිත් පැත්ත සිදුවෙමින් පවතී. පොහොට්ටුවේ පදනම දෙදරමින් පවතින අතර බැසිල් රාජපක්ෂගේ බලපෑම හීන වෙමින් පවතී.

පොහොට්ටුව අතහැර යන පිරිස් වලට නව නවාතැනක් අවශ්‍ය වී තිබේ. නව නිදහස් අරගලය මේ පිරිසට ප්‍රවේශ මාර්ගයක් පවසයි.

අනෙක් අතට නව නිදහස් අරගලය දියත් කළ අවස්ථාවේදී වැඩිම ප්‍රහාර එල්ල වුයේ නව ලිබරල් වාදයටයි. සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාපිළිවෙත් මුලික වශයෙන් හැඩ ගස්වන්නේ නව ලිබරල් වාදයයයි. නව ලිබරල් වාදය ප්‍රතික්ෂේප කරන පිරිස් වලටද නව නිදහස් අරගලය වේදිකාවක් විය හැකිය.

නව ලිබරල්වාදය සහ අධිරාජ්‍යවාදය ශ්‍රීලංකාව තුල ක්‍රියාත්මක කිරීමට කොළඹ සිටින ඇතැම් රාජ්‍ය තාන්ත්‍රිකයන් ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයන්ගේ නිවෙස්වලට යමින් එමින් සිටින බව නව නිදහස් අරගලයේ සංවිධායකයෙක් වන අචාර්ය චමත් ලියනගේ පවසයි.

රුවල් නැති ඔරුවක් …

මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රුවල් නැති ඔරුවක් බවට පත්වී තිබේ . මීට ප්‍රධාන හේතුව වන්නේ පංච මහ බලවේගය ඔස්සේ තම දේශපාලන ගමන ආරම්භ කළ පක්ෂයේ දර්ශනය විවෘත ආර්ථිකයකට මානුෂික මුහුණුවරක් දීම සහ කොන්දේසි විරහිතව ලිබරල් වාදය වැලඳ ගැනීම තෙක් විකාශනය වී ඇත. මෙම තත්වය හමුවේ නව නිදහස් අරගලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඕනෑම සැඩ සුළඟකට මුහුණ දිය හැකි මතවාදී රුවලක් තනා ගැනීමේ මාර්ගයක්ද විය හැකිය.

කොළඹ බස්නාහිර පළාත් සෞන්දර්ය කලා මධ්‍යස්ථානයේ දී ඊයේ දියත් වූ නිදහසේ අරගලය වියත් මග ගත මග අනුකරණය නොකිරීමට ප්‍රවේසම් විය යුතුය.

වියත් මග යනු අවිචාරවත් ලෙස ගෝඨාභය පාලනයට මුක්කු ගැසීමට උත්සාහ කළ සහතික පත්‍ර ලාභීන්ගේ අසර්ථක එකතුවක් බවට සන්නත වී හමාරය.

Related Articles