ඩලස් – සජිත්  මෙහෙයුම  ක්‍රියාත්මකයි….

ඩලස් – සජිත් මෙහෙයුම ක්‍රියාත්මකයි….

ජනාධිපති ධුරය සඳහා නම් තුනක් යෝජනා වී ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පාර්ලිමේන්තුවට නිල වශයෙන් නිවේදනය කළේය.

රනිල් වික්‍රමසිංහ, ඩලස් අලහප්පෙරුම සහ අනුර දිසානායක මහත්වරුන්ගේ නම් මෙලෙස යෝජනා වී ඇති බවත් එම නම් තමා විසින් පිළිගන්නා බවත් මහ ලේකම්වරයා කීය.

ජනාධිපතිවරයා ලෙස ඩලස් අලහප්පෙරුම මහතාගේ නම යෝජනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවට පැවසීය. මේ ප්‍රකාශයත් සංගම රනිල් වික්‍රමසිංහ ගේ අපේක්ෂකත්වය අභියෝගයට ලක්වී ඇත.

මෙතෙක් වැට උඩ සිටි පිරිස් ඩලස් අලහප්පෙරුමට සහයෝගය දීමට ඉඩ ඇත.

මේ අතර වාරයේ එක්සත් ජාතික පක්ෂ නායක, වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී ධූරය අහෝසි කරමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා විනිවිද පෙරමුණේ ලේකම් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන ම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) තීන්දු කළේය.

Related Articles