නීතිඥ සංගමය හදිසි  නීතියට විරුද්ධයි….

නීතිඥ සංගමය හදිසි නීතියට විරුද්ධයි….

හදිසි නීතිය ප්‍රකාශයට පත්කිරීම දැනට පවතින ගැටළුවලට පිළිතුරක් නොවන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි .

මේ වන විට ශක්තිමත් සංවිධානයක් බවට පත්ව ඇති ශ්‍රී ලංකා නීතිඥ සංගමය නොතකා හැරීමට රනිල් වික්‍රමසිංහට හැකියාවක් තිබේද යන ප්‍රශ්නය මතු වී ඇත.

වහාම හදිසි නීතිය ඉවත් කරන ලෙසත්, භාෂණය හා ප්‍රකාශන නිදහස ඇතුළු සාමකාමීව රැස්වීමේ නිදහස වැනි ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන මෙම නීති පැනවීම අනුමත නොකළ හැකි බවයි නීතීවේදීන් පවසන්නේ.

අරගලකරුවන් පවසන්නේ තම අපේක්ෂාවන් බිඳ වැටෙන්නේ නම් අරගලය දිගටම ඉදිරියට ගෙන යන බවයි . මේ තත්වය යටතේ හදිසි නීතිය අභියෝගයට ලක්කිරීම නිසා සාමය බිඳ වැටීමට ඇත.

රනිල් වික්‍රමසිංහ නිරන්තරයෙන්ම පවසන්නේ තමන් විසම්මුතියට ගරු කරන බවයි. එහෙත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසන්නේ හදිසි නීතිය විසම්මුතිය යටපත් කරන බවයි.

නව ජනාධිපතිවරයෙක් පත් කිරීම සඳහා සුදුසු වාතාවරණයක් ඇති කිරීම සඳහා හදිසි නීතිය පැනවීම අවශ්‍ය බව රනිල් වික්‍රමසිංහ කල්පනා කල බවක් පෙනෙන්නට තිබෙන බව විචාරකයින් පවසති.

Related Articles