ගෝත්‍රික ප්‍රජාවේ මුර්මු ඉන්දීය ජනපති තනතුරට….

ගෝත්‍රික ප්‍රජාවේ මුර්මු ඉන්දීය ජනපති තනතුරට….

සුළුතර ගෝත්‍රික ජනවාර්ගික ප්‍රජාවකින් පැමිණි ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයේ 64 හැවිරිදි ද්‍රෞපදී මුර්මු ජනාධිපති තනතුරට පත්වීමේ වැඩි ඉඩක් ඇත.

ඉන්දියාවේ ජනාධිපතිවරයා තෝරාගනු ලබන්නේ පාර්ලිමේන්තු සභා දෙකෙහිම නීති සම්පාදකයින් සහ සියලුම ප්‍රාන්තවල ව්‍යවස්ථාදායක සභාවන්හි තේරී පත් වූ සාමාජිකයින්ගෙන් සමන්විත මැතිවරණ මණ්ඩලයක් මගිනි.

මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම බ්‍රහස්පතින්දා සිදු කෙරේ. දුප්පත් ගෝත්‍රික ප්‍රජාවන් නියෝජනය කරන නායිකාවක් ලෙස ඇයව හැදින්වීමට මෝඩිගේ භාරතීය ජනතා පක්ෂය කටයුතු කොට ඇත. මුර්මු ජීවිතය ආරම්භ කළේ ගුරුවරියක් ලෙසිනි.

මුර්මු ජාර්කන්ඩ් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරිය ලෙස කටයුතු කොට ඇත .

තේරී පත් වුවහොත්, ඇය රටේ එක් ගෝත්‍රයකින් පත්වෙන පළමු ජනාධිපති වන අතර ඉන්දියාවේ දෙවන කාන්තා ජනාධිපතිනිය බවට පත්වනු ඇත. ඇය සන්ටල් ගෝත්‍රයේ සාමාජිකාවකි.

මුර්මුගේ ප්‍රධාන ප්‍රතිවාදියා හිටපු භාරතීය ජනතා පක්ෂ කැරලිකරුවෙකි, බෙදුණු විපක්ෂයක් විසින් ඉදිරිපත් කරන ලද අපේක්ෂකයෙකි. 84 හැවිරිදි යෂ්වන්ත් සිංහා, 1998 සිට 2002 දක්වා පැවති භාරතීය ජනතා පක්ෂ රජය සමයේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

Related Articles