කටාර්  පුණ්‍ය ආයතනයේ  තහනම ඉවත් කළේ  ඇයි ?

කටාර් පුණ්‍ය ආයතනයේ තහනම ඉවත් කළේ ඇයි ?

කටාර් හි සංචාරයක නිරත වූ තෙල් ඇමති කාංචන විජේසේකර පැවසුවේ ත්‍රස්ත සංවිධානයක් ලෙස සැලකුණු කටාර් පුණ්‍ය ආයතනය තව දුරටත් තහනම් සංවිධානයක් නොවන බව නිවේදනය කළේය. මේ සමඟම මේ සංවිධානය තහනම් කිරීමට කටයුතු කළේ මන්ද යන ප්‍රශ්න පැන නැගී ඇත.

මෙම Qatari Charity, ආයතනය රාජ්‍ය නොවන සංවිධාන සඳහා ජාතික ලේකම් කාර්යාලයේ අංක FL162614 යටතේ ලියාපදිංචි වී කටාර් තානාපති කාර්යාලයේ කොටසක් ලෙස ක්‍රියාත්මක විය.

මේ පිළිබඳව කරුණු දක්වන නීතිවේදී අමීර් අලි පවසන්නේ මේ තහනම පදනම් විරහිත බවත් දැන් කඩිමුඩියේ තහනම ඉවත් කිරීම එම පදනම් විරහිත බව සනාථ කරන බවයි.

ශ්‍රී ලංකාවේ දුම් රහිත මුළුතැන්ගෙයි සඳහා ගෑස් ඉන්ධන සැපයීම සඳහා කටාර් රාජ්‍යය සනසාලීමට තහනම ඉවත් කළ බවක් පෙනෙන්නට ඇති බව නීතිවේදී අමීර් අලි පවසයි

ශ්‍රී ලංකාවේ සියලුම ඉන්ධන පිරවුම්හල් රජයට පවරාගෙන අබුඩාබි තෙල් වලින් සේවා සැපයීමේ උත්සාහයක් ඇති බවත් අමීර් අලි පවසයි .

ආණ්ඩුවේ ව්‍යාජ ත්‍රස්තවාදය මැඩලීමේ පිළිවෙත හේතුවෙන් අරාබි ජාතීන් සමඟ මිත්‍ර සබඳතා යථා තත්ත්වයට පත් කිරීමේ අපේක්ෂාව දුෂ්කර වනු ඇති බවයි නීතිවේදී අමීර් අලි පෙන්වා දෙන්නේ .

Related Articles