ජපානය උදව් නොකරන බව පවසා නැති බව ආණ්ඩුව කියයි…

ජපානය උදව් නොකරන බව පවසා නැති බව ආණ්ඩුව කියයි…

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය මධ්‍යයේ ශ්‍රී ලංකාවට සහය දීමට ජපාන රජය අකැමැති බවට පළ වූ මාධ්‍ය වාර්තා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය තරයේ ප්‍රතික්ෂේප කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

“ජපානය දැන් ශ්‍රී ලංකාවට උදව් නොකරනු ඇත” යනුවෙන් මීට පෙර ඩේලි මිරර් සිරස්තලයක් පළ කරමින් දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික විරසකයක් ඇති වීමට හේතු වූ මතභේදයක් ඇති වූ අතර, ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ ජපාන දූත මණ්ඩල නියෝජ්‍ය ප්‍රධානී KATSUKI Kotaro ප්‍රතිචාර දක්වා ඇති බව අගමැති කාර්යාලය පවසයි .

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ජපාන තානාපතිවරයා අතර කොළඹ ජනාධිපති මන්දිරයේ අද පැවති සාකච්ඡාවේදී තානාපති Mizukoshi Hideaki කියා සිටියේ ආර්ථික, සමාජීය සහ සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අඛණ්ඩව කටයුතු කරන බවයි.

ශ්‍රී ලංකාවට ජපානය ලබාදෙන සහය පිළිබඳව ජනාධිපතිතුමා එම සාකච්ඡාවලදී සිය ගැඹුරු කෘතඥතාව පළ කර තිබේ.

ශ්‍රී ලාංකීය ජනතාවට සෘජුවම ප්‍රයෝජනවත් වන පරිදි ඖෂධ සහ ආහාර සැපයීම සඳහා යුනිසෙෆ් සහ ලෝක ආහාර සංවිධානය හරහා ඇමරිකානු ඩොලර් මිලියන තුනක (3) හදිසි ආධාර ආධාර ලබාදීමට ජපාන රජය තීරණය කර ඇති බව ජනාධිපති කාර්යාලය පවසයි .

ජපන් තානාපති වරයා දෙමළ ජාතික සංවිධානය හමුවීමෙන් අනතුරුව මේ මොහොතේ ජපානය ශ්‍රී ලංකාවට ආධාර නොදෙන බවට මාධ්‍ය වාර්තා පලවිය.

Related Articles