අරගලකරුවන් ජනාධිපති මන්දිරය ඇතුලට – මීළඟට ?

අරගලකරුවන් ජනාධිපති මන්දිරය ඇතුලට – මීළඟට ?

හතරවටින් එක් වූ අරගල කරුවන් ජනාධිපති මන්දිරයට ඇතුල්වී සිටින අතර මීළඟට ගන්නා පියවර පිළිබඳව කථාබහ ඇති වී තිබේ.

සිඳුරළ හා ගජබාහු යන නාවික හමුදාවට අයත් නෞකා දෙකකින් ප්‍රභූ කණ්ඩායම් දෙකක් කොළඹ වරායෙන් පිටත්වූ බව තහවුරු නොවූ ආරංච් මාර්ග වලින් හෙළිදරව් වී තිබේ. මෙම නැව් වල ගමනාන්ත තහවුරු කර ගැනීමට තමන් උත්සාහ කරමින් සිටින බව සමාජ ක්‍රියාකාරීහු පවසති.

ජනාධිපති මන්දිරයේ පිවිසිම් දොරටුවලින් ඇතුළට පිවිසෙද්දී පොලිසීසිය සහ ත්‍රිවිද හමුදාව කඳුළුගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ අතර ප්‍රහාරයෙන් 39 කට තුවාල සිදුවී තිදෙනෙකු අසාධ්‍ය තත්වයෙන් පසුවේ.

අගමැති රනිල් වික්‍රමසිංහ විසින් පක්ෂ නායකයින් ගේ හදිසි රැස්වීමක් කැඳවා තිබේ. වහාම තනතුරු වලින් ඉල්ලා අස්වන්නැයි ඩලස් අලහප්පෙරුම ඇතුළු මන්ත්‍රීවරු 16 දෙනෙක් ජනාධිපති වරයාට ලිපියකින් දන්වා ඇත .

අරගලකරුවන් අතරට යතුරු පැදියෙන් පැමිණි පොලිස් නිලධාරීක් හිස් වැසුම බිම ගසා අරගලයට එක්විය.

පවතින තත්වය යටතේ සර්ව පාක්ෂික අන්තර් කාලීන පාලනයක් ස්ථාපිත කළ හැකිද යන ප්‍රශ්නය දැඩිව මතුවෙමින් පවතී . අරගල බිමට ගිය මන්ත්‍රී රාජිත සේනාරත්නට මහජනතාවගෙන් දැඩි විරෝධයක් පල වූ අතර මන්ත්‍රී සරත් ෆොන්සේකාට උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

සිදුවීම් පිළිබඳව ප්‍රධාන පෙළේ තානාපති කර්යාල දක්වන ප්‍රතිචාර කුමක්වේද යන්න පිළිබඳව දේශපාලන විචාරකයින් උනන්දුවෙන් බලා සිටිති.

Related Articles