කොත්තු  රොටී  පක්ෂ  මාර් තු මැතිවරණයට වැඩ….

කොත්තු රොටී පක්ෂ මාර් තු මැතිවරණයට වැඩ….

වසරේ මාර්තු 20 වන දිනට පෙර ඡන්දයක් පැවැත්වීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසම පසීමත් සමඟ මෑතකදී ආරම්භ කළ පක්ෂ පේක්ෂකයින් සෙවීම ආරම්භ කොට ඇත.

“පළාත් පාලන ආඥා පනත අනුව ඡන්ද විමසීම සැප්තැම්බර් 20න් පසුව කොමිසමට බලය එනවා. එතකොට මාර්තු 20ට කලින් මැතිවරණයක් තැබීමේ හැකියාව කොමිසම් සභාවට තියෙනවා”.යැයි මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් ජී.පුංචිහේවා පැවසීය.

කුඩා පක්ෂ මුලදී හදුන්වනු ලැබුවේ ත්‍රීවීල් පක්ෂ යනුවෙනි , ඒ පක්ෂයේ නිලධාරී මණ්ඩලය හැරෙන්නට වැඩි සාමාජිකයින් පිරසක් නොවූ බැවිනි .මුළු පක්ෂයටම ත්‍රී වීල් එකක නැගී ගමන් ගත හැකිවිය.

කොත්තු රොටී පක්ෂ වලටත් වැඩි සාමාජිකත්වයක් නැත. එහෙත් මේ පක්ෂ වල ප්‍රධාන ලක්ෂණය වන්නේ සංකලනයයි.

මේ පක්ෂ වලට එකතුවෙන වැඩි දෙනා නොයෙකුත් හේතු ,මත මේ පක්ෂ වලට එකතු වූ අයයි, මේ පක්ෂ වල වමා න්ශිකයින්ට,දක්ෂිනාන්කශිකයින්ට ප්‍රගතිශීලීන්ට, ප්‍රතිගාමීන්ට, දේශප්‍රේමීන්ට ආදී වශයෙන් ගැටළුවක් නැතිව සන්ධාන ගත විය හැකිය.

මේ කොත්තු රොටී පක්ෂ විවිධ උපක්‍රම යොදමින් මැතිවරණ අරමුදල තර කරමින් සිටිති .තනාපති කාර්යාල වලින් ආධාර ලබා ගැනීම එක උපක්‍රමයකි . පරාජය වුවත් මැතිවරණ වලට තරඟ කිරීමට කැමති පිරිසක් සිටිති ඒ අයගේ අනුග්‍රහය ලබා ගැනීම තවත් උපක්‍රමයකි. රාජ්‍ය නොවන සංවිධාන වල ආධාර උපකාර ලබා ගැනීම තවත් උපක්‍රමයකි.

කොත්තු රොටී වල ටක් ටකය මාධ්‍ය ඔස්සේ ඇසෙන්නට පටන් ගනිමින් තිබේ.

Related Articles