දුෂිත නිලධාරීන්ට නඩු පවරන්න – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යෝජනාවක්…

දුෂිත නිලධාරීන්ට නඩු පවරන්න – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යෝජනාවක්…

ජිනීවාහිදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරය වෙනුවෙන් එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය, මොන්ටිනිග්‍රෝ උතුරු මැසිඩෝනියාව සහ මලාවි යන රට වලින් , එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට මෙම කෙටුම්පත ඉදිරිපත්වී ඇත.

මෙවර කෙටුම්පතට උග්‍රවන ආහාර අනාරක්ෂිත භාවය, දැඩි ඉන්ධන හිඟය, අත්‍යාවශ්‍ය ඖෂධ හිඟය සහ ගෘහාශ්‍රිත ආදායම් අඩුවීම ඇතුළු ආර්ථික අර්බුදයේ මානව හිමිකම් බලපෑම් පිළිබඳව යෝජනා කෙටුම්පතෙන් අවදානය යොමු කර ඇත.

2022 අප්‍රේල් මාසයේ සිට සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය සහ අත්අඩංගුවට ගැනීම් මෙන්ම රජයේ ආධාරකරුවන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය, මරණ, තුවාල, විනාශය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාසවලට හානි සිදුකිරීම ඇතුළු අනෙකුත් මානව හිමිකම් වර්ධනයන් පිළිබඳව කනස්සල්ල පළ කර ඇත.

කෙටුම්පත් යෝජනාව තුළින් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්නේ දැනට පවතින ආර්ථික අර්බුදයට විසඳුම් ලබා දෙන ලෙසයි. ආර්ථික අර්බුදයට තුඩු දෙන ආකාරයට කටුතු කළ රාජ්‍ය නිලධාරීන් සහ හිටපු රාජ්‍ය නිලධාරීන්ගේ දූෂණ විමර්ශනය කිරීම සහ නඩු පැවරීමේ අවශ්‍යතාවයද කෙටුම්පත මඟින් අවධාරණය කරයි.

Related Articles