වසන්ත  කැකුලා වෙනුවෙන් මහා  හුරා කථා  කරයි….

වසන්ත කැකුලා වෙනුවෙන් මහා හුරා කථා කරයි….

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ තරුණයා ඇතුළු පිරිස රඳවා ගැනීමේ නියෝගයක් මත රඳවා තැබීම පිළිබඳව වැදි නායක ආදිවාසි නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තෝ තම විරෝධය පල කරමින් සිටී.

කිසිදු අවියක් නොදැරූ මේ තරුණයින් රඳවා තබා ගැනීම තමන්ට වේදනා වක් ගෙන් දෙන බවයි වැදී නායකයා පවසයි. මේ කැකුලන් නැගු හඬ හේතුවෙන් රනිල් වික්‍රමසිංහ හට ජනාධිපති වීමට ඉඩ ලැබුණු බව වැදි නායකයා පෙන්වා දෙයි.

” මේ අයගේ අතේ තිබිලා ගිනිඅවියක් හෝ අත්බෝම්බයක් හොයාගෙන නෑ. වැරැද්දක් කරලා තියෙනවා නම් කඩිනමින් දඬුවම් දෙන්න. රඳවාගෙන තබාගැනීම කිසි තේරුමක් නෑ කියලයි මම කියන්නේ” යැයි වැදි නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තෝ පැවසීය.

දඹාන කොටබකිනිය ගම්මානයේදී වැදි නායකයා පසුවේ තමන්ගෙ කැකුලියක කුසින් බිහිවුණු දරුවා සිර කරගෙන හ්ර්ක්රගෙන මානසික පීඩාවක් දීම තමන්ටත් වරිගයටත් පීඩාවක් වී ඇති බවයි.

Related Articles