කොළඹ ජාතික රෝහලේ මාළු  නැහැ….

කොළඹ ජාතික රෝහලේ මාළු නැහැ….

රාජ්‍ය ආයතන ගණනාවකම සැපයුම්කරුවනට මුදල් ගෙවා ගත නොහැකි තත්වයක් උදාවී ඇත.

බන්ධනාගාර අහාර සැපයුම් කරුවන්ට මුදල් ගෙවා ගත නොහැකි වී හේතුවෙන් සිරකරුවන් ගේ අහර වේල ගුණයෙන් හීන් වී ඇති බව බන්ධනාගාරයෙන් නිදහස් ව්‍ය පිටවූ රන්ජන් රාමනායක මහතා පැවසීය.

සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ සංගමයේ සභපති එස්. මැදිවත්ත මහතා පවසන්නේ කොළඹ ජාතික රෝහලේ නේවාසික රෝගීන්ගේ ආහාර වේලට මාළු සැපයීම නතර කර ඇති බවයි. සැපයුම්කරුට රුපියල් කෝටි 5ක මුදලක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හිඟ මුදල් ගෙවීමට ඇත.

රෝගීන්ට මාස කීපයක් පුරා ආහාර ‌වේලට මාළු වෙනුවට කරවල ලබා දී ඇති අතර දැන් සහල් සපයුමත් නතර වීමට ඉඩ ඇත. පෙරේදා (12) දිනයේ දී සැපයුම්කරු හාල් සැපයීම‌ ප්‍රමාද කිරීම හේතුවෙන් නේවාසික රෝගීන්ට උදෑසන 11.30ට ලබාදිය යුතු ආහාර වේල ලබා දී ඇත්තේ දහවල් 1.00ට පමණ යැයි මැදිවත්ත මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා කියා සිටින්නේ සියලුම රෝහල්වලට ප්‍රසම්පාදන කටයුතු ලබාදී ඇති බවත්, ඒ සඳහා මුදල්ද ලබාදී ඇති බවයි. එහෙත් රෝහල් කිහිපයක හිඟ මුදල් ගෙවීමට ඇති බව වාර්තා වී ඇතැයිද කොළඹ මහ රෝහලේ මාළු ප්‍රශ්නය වාර්තා වී නොමැති නිසා ඒ ගැන සොයා බලන බවද ඔහු පවසා තිබේ.

Related Articles