නව ජනාධිපති වරයාට  නිවසක්  ලබාදීම ප්‍රමාද වේ…

නව ජනාධිපති වරයාට නිවසක් ලබාදීම ප්‍රමාද වේ…

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පොද්ගලික නිවාසය ප්‍රචණ්ඩ ලෙස ගිනිබත් කිරීම හේතුවන් ඔහුට නව නිවාසයක් හොයා ගැනීමට සිදුවී තිබේ.

මීට පෙර අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ සෑම අවස්ථාවකදීම ඔහු වාසය කළේ තම පෞද්ගලික නිවසේය. ජනාධිපති මන්දිරයේ වාසය කල හැකි වූ වත් සෙසු ජනාධිපතිවරුන් මෙන්ම වික්‍රමසිංහ මහතාද එහි වාසය කිරීමට වැඩි මනාපයක් දක්වන්නේ නැත. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති මන්දිරයට ගියේ මිරිහාන නිවස අනාරක්ෂිත වූ පසුවය. නව ජනාධිපතිවරයාට නිවසක් හොයා ගැනීමේදී මීට පෙර සිරිසේන ජනාධිපතිවරයා වාසය කළ පැජට් පාරේ නිවස කෙරේ අවධානය යොමුවී තිබේ.

පැජට් පාරේ නිවස…

අධිකරණ නියෝගයක් හේතුවෙන් හිටපු ජනාධිපති සිරිසේන මහතාට පැජට් පාරේ නිවස අත්හැර යන්නට සිදුවිය. විශ්‍රාම ගැනීමෙන් පසුවද කැබිනට් අනුමැතියක් මත සිරිසේන එම නිවස තමන් වෙත පවරාගෙන එහි පදිංචිව සිටියේය. කෙසේ වෙතත් ඇමැති මණ්ඩල තීරණය අනුව මෛත්‍රිපාල සිරිසේන මහතාට පැජට් පාරේ නිවස පවරා දීමෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බව සඳහන් කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්‍ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරනු ලැබූ අතර එය විභාගයට ගත් අධිකරණය හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම හේතුවෙන් හිටපු ජනාධිපති සිරිසේන මහතාට පැජට් පාරේ නිවස අත්හැර යන්නට සිදුවිය,

පැජට් පාරේ නිවසේ ගෘහ භාණ්ඩ අතුරුදහන් වී තිබීම හේතුවෙන් නව ජනාධිපතිවරයට නිවසක් ලබාදීම ප්‍රමාද වෙමින් පවතීන බව තහවුරු නොකළ ආරංචි මාර්ග වලින් දැනගන්ට තිබේ.

Related Articles