බැසිල් ගේ සේද මාවතේ අකරතැබ්බය

බැසිල් ගේ සේද මාවතේ අකරතැබ්බය

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සේද මාවත ඔස්සේ ගුවන් ගත වීමට ගත් උත්සාහය අසාර්ථක වීමෙන් පසු ආපසු හැරී යාමට සිදුවී තිබේ. සේද මාවත යනු ධනවත් පිරිස් වැඩි මුදලක් ගෙවා ගුවන් ගත වෙන ක්‍රමවේදයකි.

බැසිල් රාජපක්ෂ ගුවන් තොටුපලට පැමිණි බව ආරංචි වීමෙන් පසු ආගමන විගමන නිලධාරින් සේවා කටයුතු වලින් ඉවත් වුහ. ගුවන් තොටුපලේ සිට ලංකා නිව්ස් ලයින් ඇමතු ප්‍රකාශකයෙක් පැවසුවේ මගීන් විරෝධය එල්ල කිරීම හේතුවෙන් ගුවන් සමාගම ගුවන් යානයට පිවිසීමට අවශ්‍ය ප්‍රවේශ පත් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කලබවයි.

බැසිල් රාජපක්ෂ මහතා ගුවන් යානයට ගොඩ වුවහොත් ගුවනේදී පහර කෑමට ලක් විය හැකි තත්වයක් මතුවෙමින් තිබුන හෙයින් ඔහු ඉතා ඉක්මනින් පිට වූ බවයි ගුවන් තොටුපළ ආරංචි මාර්ග පවසන්නේ අද අලුයම 03.15 ට ඩුබායි බලා පිටත්ව යාමට නියමිත එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 349 දරන ගුවන් යානය පිවිසීම සදහා බැසිල් රාජපක්ෂ මහතා ගත් උත්සාහය අසාර්ථක වීමෙන් පසුව සේද මාවත තවදුරටත් පවත්වා ගෙන යුතුද නැද්ද යන්න පිළිබඳව ආගමන විගමන නිලධාරීන් අතරේ කථා බහක් ඇතිවී තිබේ.

Related Articles