අලුත් කැබිනට්  ඇමතිවරු  දුසිමක් ?

අලුත් කැබිනට් ඇමතිවරු දුසිමක් ?

අළුතෙන් තවත් කැබිනට් ඇමතිවරු දොළොස් දෙනෙක් පත් කිරීමට නියමිත් බව වාර්තාවේ. සර් ව පාක්ෂික ආණ්ඩුව පිළිබඳව කතා බහ අසාර්තක වීමෙන් අනතුරුව තමන්ට ඇමති තනතුරු ලබාදෙන ලෙස පොහොට්ටුවේ ප්‍රබලයින් දැඩි ලෙස ඉල්ලා සිටින බවයි දේශපාලන ආරංචි මාර්ග වලින් හෙළිදරව් වන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතාට සහ එජාප මන්ත්‍රීවරයා වන වජිර අබේවර්ධන මහතාට කැබිනට් ඇමති ධුර හිමිවීමට නියමිතය.

සෙසු සියලු කැබිනට් තනතුරු පොදුජන පෙරමුණට හිමිවනු ඇත. එස් එම් චන්ද්‍රසේන සහ,පවිත්‍රා වන්නිආරච්චි මහත්මියටත් ඇමති තනතුරු ලබාදිය යුතු බව පොහොට්ටුවේ මහා ලේකම් සාගර කාරියවසම් මීට පෙර පවසා තිබුනි. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසන්නේ නව ඇමති තනතුරක්‌ යනු විශාල ජනපදයක් පිහිටුවීමට සමාන බවයි.

වාහන තුනක් , මසකට ඉන්ධන සඳහා රුපියල් හත්ලක්ෂයක් පමණ , දුරකථන සඳහා හත ලිස් දහසක්, පුද්ගලික කාර්ය මණ්ඩල සඳහා තනතුරු පහලොවක් , කොළඹ නිවාස ආදී වරප්‍රසාද ලැබෙන බව අනුර කුමාර දිසානායක පෙන්වා දෙයි.

Related Articles