ස්වර් ණ පුස්තකය චන්ද්‍රරත්න බණ්ඩාරට….

ස්වර් ණ පුස්තකය චන්ද්‍රරත්න බණ්ඩාරට….

චන්ද්‍රරත්න බණ්ඩාර මහතා විසින් රචිත ‘ප්‍රේමානිශංස’ කෘතිය, වසරේ හොඳම නවකතාවට හිමි ස්වර්ණපුස්තක සම්මානයෙන් පිදුම් ලැබුවේය. ඒ, ඊයේ (10) රාත්‍රියේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේදීය.

මෙරට සාහිත්‍ය කලාව සුපෝෂණය කිරීමට කැපවන විශිෂ්ටයින් ඇගයීම සඳහා ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් වාර්ෂිකව මෙම සම්මාන උළෙල පවත්වනු ලබයි.

එරික් ඉලයප්ආරච්චිගේ නකුල මුනි, සේපාලී මායාදුන්නේගේ හින්දොස්මාලේ, ශමෙල් ජයකොඩිගේ මගේ චිකාගෝ හදවත සහ කීර්ති වැලිසරගේ ලියූ සන්ධ්‍යානන්දය යන කෘති මෙවර ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ අවසන් වටයට තේරීපත්වූ කෘතීන් වේ.

‘ප්‍රේමානිශංස’ නවකතාවේ සංදර්භය පිළිබඳ ව කතුවරයා දක්වන අදහස මෙසේ වේ.

‘එකම කාල රේඛාවක උතුරේ හා දකුණේ සම්භවය ලැබූ පරපුරු දෙකක් ධනය කියන සාධකය ජය ගන්නවා. ඒ දෙගොල්ලොම ඒ සඳහා එළඹුනු ආකාරයන් එතරම් මිහිරි නෑ. උතුරු පරපුර කල් ඇතුව ධනය නැමති සාධකය ජය ගන්නවා. එහෙත් දකුණු පරපුර එය ජය ගන්නේ පසුවය. මේ කාල පරතරය ඔවුන් ශිෂ්ටත්වයට පත්වීම අවධි දෙකකදී සිදු වීමට බලපානවා. මෙන්න මේ අවධි දෙකට අයත් ලැබීම් නොලැබීම් පිළිබඳ කතාන්තරය තමයි මා වටහා ගැනීමට උත්සාහ කළේ. ”

පසුගිය දිනෙක ‘ප්‍රේමානිශංස’ නවකතාව අරබයා ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි Saman4You – නාලිකාව වෙනුවෙන් සම්පාදනය කළ විශේෂ වැඩසටහන පහතින් දැක්වේ.

Related Articles