ගෝඨාභය ගේ සිංගප්පුරු  චෙකප්  එක  ගැන මහින්ද කියයි…

ගෝඨාභය ගේ සිංගප්පුරු චෙකප් එක ගැන මහින්ද කියයි…

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළි ශ්‍රී ලංකාවට පැමිණෙන බව වාර්තා පළවෙන අතර වාරේ නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇත්තේ මේ ඔහුට ශ්‍රී ලංකාවට පැමිණීමට කාලය නොවන බවයි.

සිංගප්පුරුවේ තව සති දෙකක් ගත කිරීමට අවසර ලබා දෙන්නැයි ඉල්ලීමක් සිදුකොට ඇති බව වාර්තාවේ. අපරාධ යුක්ති නීතිය පදනම් කරගෙන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට ක්‍රියත්මක ජාත්‍යන්තර මෙහෙයුමත් දැඩිව සක්‍රීය වෙමින් පවතී.

මේ අතරවාරේ දිවයින පුවත්පතේ නෝමන් පලිහවඩන මාධ්‍යවේදියා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට කථාකොට ඇත්තේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළි ශ්‍රී ලංකාවට පැමිණෙන දිනය දැනගැනීමටයි.

දිනය තමාට ස්ථිර වශයෙන් තවමත් දැනුම් දුන්නේ නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නෝමන් පලිහවඩන මාධ්‍යවේදියාට පවසා ඇත.

මහින්ද රාජපක්ෂ- නෝමන් පලිහවඩනසංවාදය මෙසේය :

ප්‍රශ්නය – ගෝඨාභය මහත්මයා රටින් පැනලා ගියේ ඇයි?

පිළිතුර – එයා පැනලා ගියා කියලා චෝදනා නගන්නේ කවුද?

ප්‍රශ්නය – ජනතාව

පිළිතුර – ඕනෑ කෙනෙකුට ඕනෑ විදිහකට කියන්න පුළුවන්. ඒවා ඔක්කෝම නිර්මාණය කරපු කතා. එයා ගියේ වෛද්‍යවරයා ලවා පරීක්ෂා කරගන්න. (චෙකප් එකකට) එයා ගියේ මටත් කියලයි.

Related Articles