නිමල් සිරිපාල නිදහස්  වුනේ කොහොමද ?

නිමල් සිරිපාල නිදහස් වුනේ කොහොමද ?

නිමල් සිරිපාල ද සිල්වා මහතා වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.ජනාධිපති මාධ්‍ය අංශය පවසන පරිදි විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ සභාපතිත්වයෙන් යුතු එම කමිටුවේ සෙසු සාමාජිකයන් වන විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ සහ පරිපාලන සේවයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වූ එස්. එම්. ජී. කේ. පෙරේරා යන මහත්වරු නිමල් සිරිපාල ද සිල්වා ද සිල්වා මහතා අල්ලස් චෝදනාවෙන් නිදොස්කොට ඇත.කෙසේ වෙතත් මෙම කොමිසම චෝදනාව විභාග කල ආකාරය පිළිබඳව වූ කරුණු මේ තාක් හෙළිදරව් වී නැත.

වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය ධුරයෙන් පසුගියදා ඉල්ලා අස්වූයේ අපක්ෂපාති පරීක්ෂණයකට ඉඩ සැලසීමට බව නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියේය. අමාත්‍යවරයකු විසින් ජපාන සමාගමකින් අල්ලස් ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනය ආරම්භ විය. නිමල් සිරිපාල ද සිල්වා මහතා අමාත්‍ය ධුරයෙන් පසුගිය මස 6 වැනිදා ඉල්ලා අස්විය.

කැබිනට් අමාත්‍යවරයකු ජපානයේ තායිසේ සමාගමෙන් අල්ලසක් ලබාගෙන ඇතැයි විවිධ පාර්ශව වලින් පසුගිය කාලයේදී චෝදනා එල්ල වූ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද පාර්ලිමේන්තුවේදී ඒ පිළිබඳව චෝදනා කළේය.

දැන් නිමල් සිර්පල ද සිල්වා නිදොස්වී ඇති හෙයින් වැඩිදුර ප්‍රකාශයක් කිරීම හෝ සමාව ඉල්ලා සිටීම යන ක්‍රියා මාර්ග දෙකෙන් එකක්
ගැනීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ වගකීම වන බව මාධ්‍යවේදීහු පෙන්වා දෙති. මෙම අල්ලස් චෝදනා පිළිබඳව විමල් වීරවංශ මන්ත්‍රීවරයා පැවසුවේ රට මේ තරම් දුෂ්කර තත්වයකට වැටී තිබියදී පිට රටකින් අල්ලස් ඉල්ලා සිටීම ‘අම්මගේ මළ මිනිය සාලයේ තබාගෙන බුරු ගැසීම හා සමාන ක්‍රියාවක් වන බවයි. දැන් විමල් වීරවංශ මන්ත්‍රීවරයාටත් ඒ ගැන යළිත් කතා කිරීමේ වාරය එළඹ ඇත.

Related Articles