බරණ මරණයේ  අභිරහස හෙළිදරව් වෙයිද ?

බරණ මරණයේ අභිරහස හෙළිදරව් වෙයිද ?

බරණ දළ ඇතාගේ කණගාටුදායක හදිසි මරණය විදුලි අකුණක් හේතුවන් සිදු වූවක් බව වනජීවියේ නිලධාරීන් විමර්ශන වලින් අනතුරුව තිර කොට පැවසුහ. අපද පුවත පළ කළෙමු.

බරණ ගේ අවසන් කටයුතු සිදුවෙද්දී බරණ ගේ දීර්ග කාලීන මිතුරා සෑහෙන වේලාවක් ඒ දෙස බලා හිඳ යන්නට හිය හැටිත් වාර්තා කළෙමු.

දැන් කථාව වෙනස්වෙමින් පවතී.

ගල්කිරියාගම උල්පතගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ගල්කිරියාගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයකු වන ජේ. එච්. එම්. අජිත් කුමාර ජයසුන්දර සැකකරුවෙක් බවට පත්ව සිටී. ඒ දිගු පිරිපුන් දළ යුගල ලබාගැනීමේ පාපතර චේතනාව බරණ දළ ඇතාට විදුලි සැර වද්දවා මරා දැමීමේ හේතුව වුවාද යන සැකය මතුවී තිබේ.

සැකපිට අත්අඩංගුව ගත් පොලිස් කොස්තාපල්වරයා රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කැකිරාව වැඩ බලන මහේස්ත්‍රාත් එම්. පී ගස්සාලි මහතා නියෝග කළේය.

මෙම සැකකාර පොලිස් කොස්තාපල් ජේ. එච්. එම්. අජිත් කුමාර ජයසුන්දර ගල්කිරියාගම පොලිස් ස්ථානයේ සේවය කරමින් එම ප්‍රදේශයේම ජීවත්වන හෙයින් ඔහුට ඇප ලබා දුනහොත් ප්‍රදේශයේ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ පැහැදිලි හැකියාවක් පවතින බවත්, විමර්ශන කටයුතුවලට බාධා සිදුවන නිසාත් සැකකරුට ඇප ලබා නොදෙන ලෙසට වනජීවී නිලධාරීන් දීර්ඝව කරුණු දක්වමින් කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කැකිරාව වැඩ බලන මහේස්ත්‍රාත් එම්. පී ගස්සාලි මහතා නියෝග කළේය.

නාමල් උයන රක්ෂිතයේ සහ කලාවැව රක්ෂිතයේ වසර 50 කට අධික කාලයක් සැරිසැරූ “බරණ” ඇතාගෙන් කිසිදු අයකුට කිසිදු කරදරයක් නොවූ බවයි, නාමල් උයන බාරකාර වනවාසී රාහුල හිමියෝ පවසන්නේ.

එම ස්ථානයට වැඩම කළ නාමල් උයන බාරකාර වනවාසී රාහුල හිමියන් දැඩිව කියා සිටියේ මෙම ඇතාගෙන් කිසිදු අයකුට කිසිදු කරදරයක් නොවූ බවයි, මෙම ඇතා සමග තවත් ඇතුන් දෙදෙනකු නිරන්තරයෙන් මෙම ප්‍රදේශයේ ගැවසුණු බවත් පෙන්වා දෙති.

Related Articles