ගෝඨා නොයන්න තිබුනා-මහින්ද…..

ගෝඨා නොයන්න තිබුනා-මහින්ද…..

සන්ඩේ ටයිම්ස් දේශපාලන කර්තෘ වරයා පසුගියදා ආරක්ෂක වළලු කීපයක් පසුකර ගොස්, ස්ටැන්මෝර් චන්ද්‍රවන්කයේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට ගොඩවිය.

සිනා සෙමින් රාජපක්ෂ මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවකට ඔව් යැයි කීවේ මේ ප්‍රවීන ජනමාධ්‍යය වේදීයගෙන් අසීරු ප්‍රශ්න එන බව දැන දැනම විය හැකිය.

මහින්ද රාජපක්ෂ හැකි තාක් දේශපාලනයේ සිටීමට අදහස් කරයි. “මම දිගටම දේශපාලනයේ ඉන්නවා. මම විශ්‍රාම යන්නේ සුදුසු වෙලාවට පමණයි’ ඒ ඔහුගේ සැලසුමයි. අඩුම තරමින් ඔහු පවසන ආකාරයට වත් තම සොහොයුරාගේ හදිසි නික්මයාම ගැන මහින්ද රාජපක්ෂ එකඟ නැත. “ඔහු කළ යුතු දේ ඔහු අවසන් කළ යුතුව තිබුණි. නමුත් ගෝඨාභය දේශපාලනඥයෙක් නෙවෙයි.

මහින්ද රාජපක්ෂට අනුව ගෝඨාභය රාජපක්ෂ කඩිමුඩියේ ඉවත් වීමට පෙර ඔහුගෙන් උපදෙස් ලබා ගත්තේ නැත.

“එයා මට කිව්වෙ නෑ.” යනුවෙන් පවසන මහින්ද රාජපක්ෂ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ නොයා යුතුව තිබූනු බවයි.

කෙසේ වෙතත් නික්ම යාමට පෙර තමන්ට මේ පිළිබඳව දැන්වූ විට “ මම කිසිවක් කීවේ නැහැ” කියා මහින්ද රාජපක්ෂ පවසයි .
තම සොහොයුරා පිටව යාමට පෙර මේ පිළිබඳව තමන් ගෙන් විමසුවේ නම් වෙනත් උපදෙසක් දෙන බවයි මහින්ද රාජපක්ෂ පවසන්නේ

“යන්නද කියලා එයා මගෙන් ඇහුවා නම් මම කියනවා එපා යන්න එපා කියලා.”

රටේ සියලු ව්‍යසනයන්ට ගෝඨාභය රාජපක්ෂ වගකිව යුතු නැතැයි මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. මා ඇතුළු පසුගිය රජයන් සියල්ලටම පිළිතුරු දිය යුතුයි. අවාසනාවකට ඔහු (ගෝඨාභය) ක්‍රියා කළේ තමා විශ්වාස කළ විශේෂඥයන්ගේ උපදෙස් මතය. එබැවින් ඔහුට දොස් පැවරිය නොහැක. යැයි මහින්ද රාජපක්ෂ පවසයි.

Related Articles