රැට්ටගෙ  බැංකු  ගිණුමට  ලක්ෂ  වැටුනේ  කොහෙන්ද ?

රැට්ටගෙ බැංකු ගිණුමට ලක්ෂ වැටුනේ කොහෙන්ද ?

රැට්ටා හෙවත් රාජිත සේනාරත්න අරගලයේ ඉදිරි පෙළ ක්‍රියාකාරිකයෙක් වන අතර මේ වන විට නඩු ගණනාවක චෝදනා ලබා සිටින්නෙකි.

පසුගිය සිකුරාදා දවසක ඔහු ගේ බැංකු ගිණුමට රුපියල් ලක්ෂ පනහක් අද්භූත ලෙසින් හිටි අඩියේම බැරවී තිබින.

මේ අද්භූත බැරවීම පිළිබඳව රැට්ටා හෙවත් රාජිත සේනාරත්න ලංකාදීපයේ නදීෂා අතුකෝරාලට මෙම ලක්ෂ පනහේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ගේ පැත්ත විස්තර කළේ මෙසේය.

සිකුරාදා කොටුව උසාවියේ මගේ නඩුවක් තිබුනා. මාව නැවත වරක් රිමාන්ඩ් වීමේ අවදානමක් තියෙනවා කියලා නීතීඥවරුන් කියපු නිසා මම ඒකට සූදානමින් තමයි නඩුවට ඉදිරිපත් වුණේ. එත් එදා මාව රිමාන්ඩ් වුනේ නැහැ. මම ගෙදර ආවා.

රාත්‍රී නමයට පමණ තමන්ගේ ගිණුමට ලක්ෂ පනහක් බැරවී තිබෙන බව දැන ගන්නා රැට්ටා වහාම ක්‍රියාත්මක වෙයි.

බැංකුවේ ක්ෂණික ඇමතුම් ජාලය…

” මට එච්චර ලොකු ගානක් බැර වෙන්න විදියක් නැති නිසා මම ඒ වෙලාවෙම බැංකුවේ ක්ෂණික ඇමතුම් ජාලය ඔස්සේ බැංකුවට කතා කරලා මේක ගැන ඇහුවා. බැංකුවේ ක්ෂණික ඇමතුම් ජාලය ඔස්සේ මට ලොකු තොරතුරක් ලබා ගන්න පුළුවන් වුණේ නැහැ. වෙනත් බැංකුවකින් සල්ලි මාරු වෙලා තියෙන්නේ ඒ නිසා සඳුදාට බැංකුවේ මගේ ගිණුම් ශාඛාවට ගිහින් තොරතුරු ලබාගන්න ක්ෂණික ඇමතුම් ජලයෙන් උපදෙස් ලැබුණා.”

ගණකාධිකාරී සුදුසුකම් සපුරා තිබෙන රැට්ටා ඉක්මන් තීරණයක් ගත්තේය.

ඒ වෙලාවේ මම බැංකුවට කතා කරලා මුදල් කිසිකෙනෙකුට අඩුම තරමේ මට වත් ගණුදෙනු කරන්න බැරි වෙන විදියට ගිණුම අවහිර කළා බැංකුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා මගේ අනුදැනුමකින් තොරව මගේ ගිණුමට මුදල් වැටිලා තිබෙන බව.

සඳුදා උදේ පිත්තල හන්දියේ ශාඛාවට යන රැට්‍ටාට කළමනාකාරතුමා දෙන්නේ අමුතුම පිළිතුරකි. ” සල්ලි දාපු කෙනා වෙනත් බැංකුවකින් ක්ෂණිකව මුදල් බැර කරපු නිසා තොරතුරු ලබා දෙන්න බැහැ කියල කිව්වා ”

සමාජ මාධ්‍ය….

රැට්‍ටාට පිහිට වුයේ ඔහට හුරු පුරුදු සමාජ මාධයයයි. ඔහු මේ ගැන facebook පෝස්ටුවක් පල කළේය.

” මේ පෝස්ට් එක පදනම් කරගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයෙක් ඇවිත් ප්‍රකාශයක් ලබාදෙන්න කියලා මම පසුගිය සඳුදා ප්‍රකාශයක් ලබාදුන්නා ”

සමාජ මාධ්‍ය දැන්වීමෙන් අනතුරුව ලක්ෂ පනහ ගිණුමට බැර කල පුද්ගලයා ද මතුවන්නේ අපුර්ව ආකාරයකිනි. ‘මීට පෙර මගෙන් ඉන්ෂුවරන්ස් කැම්පේන් කළ බව කියන පුද්ගලයෙක් ඉදිරිපත්වෙලා ඔහුගෙ සිස්ටම් එකේ මගේ ගිණුම් අංකය තිබිලා වැරදීමකින් මෙම ලක්ෂ පනහේ මුදල මගේ ගිණුමට දාපු බවයි කිව්වේ”

ඉඩමක් මිලදී ගැනීමට මෙම පුද්ගලයා සතු මෙම මුදල අදාළ පුද්ගලයාට බැර කිරීමට යාමේදී වැරදීම සිදුවූ බවයි ඔහු ප්‍රකාශ කොට ඇත්තේ. ඒ මුදල් නැවත ලබා දෙන ලෙස ඔහු ඉල්ලා සිටියත් මේ වන විට මුදල් සම්බන්ධ විමර්ශනයක් කරගෙන යන නිසා මුදල් වහාම ලබා දිය නොහැකි බව රැට්ටා විසින් පැහැදිලි කොට ඇත.

රැට්ටා මේ වැරදීමේ කථාව විශ්වාශ කරන්නේ නැත.

” මගේ අනුදැනුමින් තොරව ලක්ෂ පනහක් වැටීම මර්දනයේ තවත් කෑල්ලක්. ලක්ෂ පනහක් දැම්ම පිංවතා හිතාගෙන ඉන්නවා නම් මම ඒක අරගෙන සද්ද නැතුව වියදම් කරලා, ඇම කාලා අරගලයේ මූල්‍ය වංචා හෝ ඩයස්පෝරාවෙන් මුදල් ගත්තා කියන චෝදනාවට අහු වෙයි කියලා ඒක එහෙම වෙන්නේ නැහැ ”

චෝදනා වලට ගොදුරු කරගැනීම් සැලසුමක් ….

පසුගිය සිකුරාදා තමන් රිමාන්ඩ් වී ඒ අතර මේ මුදල් හුටපටය දිග ඇදුනේ නම් තමන් අභූත චෝදනා වලට ගොදුරු කරගැනීම් සැලසුමක් ක්‍රියාත්මක වූ බව රැට්ටා ගේ විශ්වාසයයි.

මීට පෙර රැට්ටා ඇතුළු තවත් අරගලයේ ක්‍රියාකාරීන් දෙදෙනෙකුට රුපියල් හාරකෝටි පනස්ලක්ෂයක් විදේශයකින් ගිණුමකට බැර වී ඇති බවත් එම මුදල ලබා දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම නිලධාරීන්ට තර්ජනය කළ බවත් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගියේය.

මේ රුපියල් හාරකෝටි පනස්ලක්ෂයේ කථාව ප්‍රලාපයක් මිස අන් යමක් බව පැහැදිලි කළේ පොලීසියයි.

අරගලය අඩියක්වත් පස්සට අරගෙන නැති බවත් මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී වැඩක් කරන්න පුළුවන් මිනිස්සු ටිකක් තෝරා පත් කර ගැනීම සඳහා මිනිසුන්ගේ ඔළුව හැදීමේ අරගලයට තමන් අතගසා ඇති බව රැට්‍ටා පවසයි.

Related Articles