ලංකාව  කඳුළු  ගෑස්  වැසි වසින රටක්…..

ලංකාව කඳුළු ගෑස් වැසි වසින රටක්…..

ශ්‍රී ලංකාවේ පොලීසිය විසින් අධික ලෙස කඳුළු ගෑස් භාවිතා කිරීම පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමුවී තිබේ.

මේ වසරේ දින දහසයක් තුල පොලීසිය උද්ගෝෂකයින් පලව හැරීම සඳහා වාර දහනවයකදී කඳුළු ගෑස් භාවිතා කොට ඇත. මෙම සිද්ධි වලට අදාලව පුද්ගලයින් හැටදෙනෙක් පමණ අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් නිලධාරීන් විසි හතර දෙනෙක් තුවාල ලබා ඇත.

විරෝධතා මර්දනය සඳහා ආරක්ෂක අංශ විසින් දිගින් දිගට කඳුලු ගෑස් භාවිතා කිරීම හේතුවෙන් ප්‍රකාශන නිදහසට බාධා එල්ලවන බවත් මේ පිළිවෙත නවතා දැමීමට ශ්‍රී ලංකාව කටයුතු කළයුතු බව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන විසින් දැනුම් දී ඇත.

ස්විට්සර්ලන්තයේ පිහිටි ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කොට ඇත.

මෙරට පොලිසියට කඳුලු ගෑස් අලෙවිකරන බටහිර රාජ්‍යයන් වෙත මෙම නිවේදනය යැවීම වඩාත් සුදුසු බවයි මානව හිමිකම් ක්‍රියාධරයින් පෙන්වා දෙන්නේ.

විරෝධතා මැඩලීමට අවම බලය යැයි කියමින් නිරන්තරයෙන්ම කඳුලු ගෑස් ප්‍රහාර විරෝධතාකරුවන්ට එල්ල කිරීම වහාම නතර කිරීමට කටයුතු කිරීම සඳහා ක්‍රියා මාර්ග ගැනීමට කාලය එළඹ ඇති බව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙති.

Related Articles