විනිමය  අර්බුදය  මැද කෝටි  හැටතුන් දහසක තොරම්බල් බඩු….

විනිමය අර්බුදය මැද කෝටි හැටතුන් දහසක තොරම්බල් බඩු….

දැඩි ආර්ථික අර්බුදයක් තිබියදී අත්‍යවශ්‍ය නොවන තොරම්බල් බඩු විශාල වශයෙන් ගෙන්වීම පිළිබඳව කරුණු හෙළිදරව් වී තිබේ. රටේ විදේශීය මුදල් අර්බුදයක් පවතින අතරවාරේ 2020 වර්ෂයේදී රුපියල් කෝටි හැටතුන් දහසක අත්‍යවශ්‍ය නොවන බඩු ගෙන්වීම විනිමය අර්බුදය තීව්‍ර කිරීමට හේතුවූ බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සංඛ්‍යාන අධයනාංශය කළ අධ්‍යයනයකින් හෙළිදරව් වී තිබේ.

මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරමින් කියා සිටියේ මේ භාණ්ඩ වලින් වැඩි හරියක් අත්‍යවශ්‍ය නොවන බවයි. මෙම මුදලින් තෙල් නැව් සියයකට ආසන්න සංඛ්‍යාවක් ආනයන කිරීමේ හැකියාවක් තිබූ බව වසන්ත අතුකෝරල පෙන්වා දෙයි.

පැන්සල් පෑන් මකන තීන්ත රිබන් ආදිය සඳහා කෝටි දෙසියපහලොවක්ද සරුංගල් ඇතුළු සෙල්ලම් බඩු සඳහා කෝටි නවසිය අසූ හතරක් ද ඔලුව පීරන පනා සඳහා කෝටි තිස් එකක්ද කොහු ඉදල් සඳහා කෝටි තිස්පහක් ආදී වශයෙන් මුදල් වැයවී ඇත.

ශ්‍රී ලංකාවට ගෙන්වූවා අවි ආයුධ වල වාර්ෂික වටිනාකම කෝටි අනුපහකි. සුවඳ විලවුන් සහ ක්‍රීම්වර්ග සඳහා කොටි එක්දහස් හත්සිය හැත්තැ පහක් වැයවී ඇත.

ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් වුවත් එළවළු හා පලතුරු ආනයනය සඳහා රුපියල් කෝටි දහනම දාසක් වැයවී ඇත. රට පුරාම කිරි ගව ව්‍යාපාරය පැතිර තිබුනද චීස් සහ බටර් වෙනුවෙන් රුපියල් කෝටි තුන්සිය තිස් හ යක් වැයවී ඇත.

මහාචාර්ය අතුකෝරල මහතාගේ මූලිකත්වයෙන් සිදුකළ මෙය අධ්‍යයනයෙන් පෙනී යන්නේ අර්බුදකාරී අවස්ථාවක පවා ආනයනය සම්බන්ධයෙන් පාලනයක් තිබී නමැති බවයි.

දෙදහස් විස්ස වසර වන විට ඇතිවී තිබු අර්බුදකාරී තත්වය අනුව අපනයන අදායම සීග්‍රයෙන් පහත වැටෙමින් තිබු අතර මෙම තත්වය නොතකා ‘ඉන්න ටිකේ ඉම්මු සුදෝ ජොලිය දමාලා ‘ පිළිවෙතට අනුව ආනයනය සඳහා විදේශ විනිමය නිකුත් කොට ඇත වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසන පරිදි මේ පවතින් අර්බුදය ශ්‍රී ලංකාව විසින්ම හදාගත් අර්බුදයක් බව පැහැදිලි කරන අවස්ථවක් වන්නේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ඉදිරිපත් කරන මේ සංඛ්‍යාලේඛන ගොන්නයි.

Related Articles