වසන්ත  මුදලිගේ පෑලියගොඩ  පොලීසියෙන් කොහාටද ගෙන ගියේ ?

වසන්ත මුදලිගේ පෑලියගොඩ පොලීසියෙන් කොහාටද ගෙන ගියේ ?

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පෑලියගොඩ පොලිසිය රඳවාගෙන ප්‍රශ්න කරන අතරවාරයේ ඔහු පොලිසියෙන් පිටතට රැගෙන ගොස් ඇතැයි සමාජ ක්‍රියාකාරිකයින් පිරිසක් පවසති. පසුගිය 18 වැනිදා පැවති විරෝධතාවක් අතරතුර වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කොට තිබෙන අතර හෂාන් ගුණතිලක හා ගල්වැව සිරිධම්ම හිමියන් රැඳවුම් නියෝග මත රඳවා ගනු ලැබුහ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ රඳවා ගනු ලැබූ අතර අද පෙරවරුවේ විමර්ශන කටයුතු සඳහා පොලිසියෙන් පිටත රැගෙන ගිය ස්ථානය පැවසිය නොහැකි බවයි පොලිසිය පවසන්නේ.

සමාජ සංවිධාන රැසක් ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වා මෙම සිදුවීමට තමන්ගේ දැඩි විරෝධය පළ කළහ.

රැඳවුම් නියෝග වල කාලය හමාර වූ පසු අධිකරණය මගහැර දැනට අත්අඩංගුවේ පසුවෙන තිදෙනා තවදුරටත් රඳවා ගැනීමේ උත්සහයක් ක්‍රියාත්මක වන බවයි සමාජ ක්‍රියාධරයින් පවසන්නේ. සාමකාමී අරගලයට ඉඩනොදෙන තැන ප්‍රචණ්ඩත්වයට අතවැනීමක් සිදුවන බවයි විශ්ව විද්යාල ආචාර්යවරුන් ගේ සමිති සම්මේලනය කියා සිටී.

Related Articles