ඩලස්ගේ උණ්ඩය අනුරාධපුරයේදී පත්තු  වෙයිද?

ඩලස්ගේ උණ්ඩය අනුරාධපුරයේදී පත්තු වෙයිද?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිසංස්කරණවාදී පිළේ නායක ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා පසුගියදා දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයාට තරමක සැර ලිපියක් එවුවේය.

ලිපිය යැවීමෙන් පසු රාජපක්ෂවාදී පොහොට්ටුව සමඟ තමන්ට ඉදිරි ගමනක් නොමැති හෙයින් නව ගමනක් ආරම්භ කලයුතු බව ප්‍රතිසංස්කරණවාදී පිළේ වැඩි දෙනාගේ අදහස විය. ජනාධිපති වික්‍රමසිංහ සෙනසුරාදා අනුරාධපුරයට යෑමට සැලසුම් ජර්න බව දැනගත් පිරිස ඊට සමාන්තරව වැඩි ප්‍රසිද්ධියක් නැතිව පළාතේ ආගමික සිද්ධස්ථාන වලට ගොස් නායක හිමිවරු බැහැදැකීමට කතිකා කරගත්හ.

පාර්ලිමේන්තු මෙහෙයුම් කමිටුව (Business Committee) සහ රාජ්‍ය ගිණුම් කාරක සභාව (Public Finance Committee) තුලින් තමන් සහ මහාචාර්ය ජී.ඇල් පිරීස්න, ඉවත් කිරීම මෙන්ම ඩිලාන් පෙරේරා ආචාර්ය නාලක ගොඩහේවා යන මන්ත්‍රීවරු ගිණුම් කාරක සභාවෙන් නෙරපා හැරීම නිසැකවම ස්වාභාවික යුක්තියේ මෙන්ම ජනතා පරමාධිපත්‍යයේ මූලධර්මයන් ද උල්ලංඝනය කිරීමක් බව අලහප්පෙරුම මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කමිටුවේ (COPE) සභාපතිවරයා ලෙස මහාචාර්ය චරිත හේරත් සහ මෙම කමිටුව නියෝජනය කරනු ලැබූ ආචාර්ය ගුණපාල රත්නසේකර මන්ත්‍රීවරයා ද ඉවත් කිරීම පිළිබඳව ඩලස් දැක්වුවේ සැර ප්‍රතිචාරයකි.

මේවා පොහොට්ටුවේ බාල පලිගැනීම් ලෙස අර්ථකථනය කල අලහප්පෙරුම “නැවත නැවතත් පිළිඹිබු වන්නේ දශක ගණනාවක් පුරා ක්‍රියාත්මකව දැනට වියපත්ව, ගිලන්ව සිටින ශ්‍රි ලාංකේය කෛරාටික දේශපාලනයේ නෂ්ටාවශේෂ නොවේ ද? යැයි දිනේෂ් ගුණවර්ධන ගෙන් ප්‍රශ්න කළත් ඔහු මේ තාක් කල් ඊට පිළිතුරු දී නැත.

තමන්ගේ ලිපිය අහිමි කළ තනතුරු ඉල්ලා කරනු ලබන ආයාචනයක් ලෙස හෝ ඒ වෙනුවෙන් කරනු ලබන බැගෑපත්වීමක් ලෙස නොව වත්මන් දෙබිඩි පාලනයේ දෙබිඩි පිළිවෙතට එරෙහි ” උණ්ඩයක් ” ලෙස ඔබතුමා විසින් පිළිගනු ඇතැයි යන්න ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා දිනේෂ් ගුණවර්ධන අගමැතිවරයාට දැන්වුයේ කිසිදු පැකිලීමකින් තොරවය.

වර්තමාන ප්‍රවණතා පිළිබඳව සමාලෝචනයක යෙදුණු ඩලස්ගේ ප්‍රතිසංස්කරණවාදී පිළ අනුරාධපුරයෙන් අලුත් ගමනක් ආරම්භ කිරීමට නියමිතව සිටිති ප්‍රදේශයේ විහාරස්ථාන වල මහා සංඝරත්නය බැහැදැක ආශීර්වාද ලබාගෙන මෙම පිරිස නව ගමනක් යාමට සූදානමින් සිටින බවයි කරන්නේ මහාචාර්ය ජී එල් පිරිස් මහජන විශාරද හේරත් මහාචාර්ය චන්න ජයසුමන ආචාර්ය නාලක ගොඩහේවා ඩිලාන් පෙරේරා ඇතුළු මන්ත්‍රීවරුන් පහලොස් දෙනෙක් පමණ මේ ගමනට එක් වෙන බවයි වාර්තා වන්නේ.

Related Articles