සුසිල්ට මොකෝ මේ හු?

සුසිල්ට මොකෝ මේ හු?

යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධිත කලිනොච්චි මණ්ඩපයේ ගොඩනැඟිල්ලක් විවෘත කිරීමට ගිය අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතාට විරෝධය පළ වී ඇත.

සිසුන් ‘හූ’ කියමින් කෑ කෝ ගසා අමාත්‍යවරයාට විශ්වවිද්‍යාලය තුළට පැමිණීමට ඉඩ ලබාදී නැති අතර ප්‍රමාණවත් පහසුකම් නොමැතිව විශ්වවිද්‍යාලය විවෘත කිරීමට උත්සාහ කිරීම සිසුන්ගේ විරෝධයට හේතු වී තිබේ.

කිලිනොච්චිය විශ්වවිද්‍යාලයේ තවමත් වැඩ අවසන් නොවූ තාක්ෂණ පීඨයේ ගොඩනැඟිල්ල විවෘත කිරීමට අමාත්‍යවරයා උත්සාහ කළ අවස්ථාවේදී කාර්ය නිම නොවූ ගොඩනැඟිල්ලක් දේශපාලන අවශ්‍යතාවන් මත විවෘත කිරීමට ඉඩ දිය නොහැකි බව පවසමින් හු සංග්‍රහයෙන් අනතුරුව අමාත්‍ය වරයා පසුබැස තිබේ.

කිලිනොච්චිය විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ සිසුන් විසින් ආරම්භ කරන ලද මෙම විරෝධතාවයට සෙසු පීඨ වල සිසුන් එක්වීමෙන් අනතුරුව එතැනින් පිටව යෑම වඩා උචිත බව විශ්ව විද්‍යාල පරිපාලනය විසින් ඇමතිවරයාට දැන්ව ඇත.

විශ්ව විද්‍යාල පරිපාලනය කිළිනොච්චිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරීන් ලවා ගේට්ටු වසා දැමීමෙන් පසුව සිසුන් ගේට්ටුවෙන් එළියට පැමිණ විරෝධය පල කොට ඇත.

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ ඇමැතිවරුන් බොහෝ දෙනෙකුට මෙවැනි විරෝධතා හේතුවෙන් මහජනයා හමුවෙන අවස්ථා පාලනය කිරීමට සිදුවී ඇත.

Related Articles