ජනාධිපති ඡන්ද විමසීමට බලපෑම් – රනිල්….

ජනාධිපති ඡන්ද විමසීමට බලපෑම් – රනිල්….

ජනාධිපතිවරයෙකු තේරීම සඳහා පාර්ලිමේන්තුවේ සිදුකරන ඡන්ද විමසීමට යම් යම් බලපෑම් එල්ල වන බව තමන්ට දැනගන්නට ලැබී ඇති බව රනිල් වික්‍රමසිංහ මහතා පවසයි .

සාමකාමී අරගලකරුවන් සහ කැරලි කරුවන් අතර වෙනසක් ඇති බවත් කැරලිකරුවන් විසින් සිදුකරන රාජ්‍ය විරෝධී කටයුතු වලට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

වැඩබලන ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ඔහු කියා සිටියේ නීතිය තදින් ක්‍රියාත්මක කරීම සඳහා ආරක්ෂක මාණ්ඩලීක ප්‍රධානීන් පොලිස්පතිතුමා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත්කර ඇති බවත් නීත්‍යානුකූල පියවර ගැනීමට ඔවුන්ට පූර්ණ නිදහස ලබා දී තිබෙන බවත්ය .

“රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට වහාම පියවර ගන්නවා. සාමකාමි අරගලය කිරීමේ අයිතිය මම සීයට සීයක් පිළිගන්නවා. නමුත් තවත් සමහරු කඩාකප්පල් ක්‍රියා කරන්න උත්සහ කරනවා, තවත් කණ්ඩායම් ලබන සතියේ පාර්ලිමේන්තුවේ දී නව ජනාධිපති තේරීමේ අවස්ථාවේදී මන්ත්‍රීවරුන්ට බලපෑම් කිරීමේ උත්සහයක් දරන්න සූදානම් වෙන බවට වාර්තා වී තිබෙනවා.

මන්ත්‍රීවරුන්ට ස්වාධීනව තම මතය ප්‍රකාශ කිරීමට අවශ්‍ය පරිසරය අපි සකසා දෙනවා. ඔවුන්ට පූර්ණ ආරක්ෂාව සලකනවා. පාර්ලිමේන්තුවේ ජ්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට කිසිම කණ්ඩායමකට අපි කිසි විටෙක ඉඩ දෙන්නේ නැහැ.

වෙඩි උන්ඩ සමඟ….

ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කරමින් පැසිස්වාදි ක්‍රමවේද ඔස්සේ රට ගිනි තැබීමට වෙර දරන කණ්ඩායම් ඉන්නවා. පාර්ලිමේන්තුව අසලදී ආරක්ෂා හමුදාවන්හි තුවක්කු දෙකක් වෙඩි උන්ඩ සමඟ පැහැර ගෙන ඇත්තේ එවැනි පිරිස්.

ඒ වගේම හමුදාවේ සාමාජිකයන් 24 දෙනෙක් තුවාල ලබලා තියෙනවා. අද දෙදෙනෙක්ට බරපතල තුවාල ලැබිලා තියෙන්නේ. සැබෑ අරගලකරුවන් එවැනි ක්‍රියාවන් නොකරන බවට මගේ විශ්වාසයයි. ඒත් කැරලිකරුවන් හා අරගලකරුවන් අතර විශාල වෙනසක් තියෙනවා. කැරලිකරුවන්ට රටේ පවතින නීතිය යටතේ ක්‍රියා කරනවා. ආරම්භයේ සිටම අරගලයට සම්බන්ධ වී සිටින බොහෝ අය මේ කඩාකප්පල් කාරී ක්‍රියාවන්ට විරුද්ධත්වය පළ කර තිබෙනවා.”

පුරවැසියන් ලෙස අප හැමෝම මේ මල් වට්ටියට අවංකමව අත ගහමු යැයි නව වැඩබලන ජනාධිපතිවරයා පැවසීය .

Related Articles