රංජන්ට  නිදහස ලැබේවිද?

රංජන්ට නිදහස ලැබේවිද?

වැඩ බලන ජනාධිපතිවරයාට පුර්ණ විධායක බලතල හිමි අතර ඔහුට අවශ්‍ය නම් රන්ජන් රාමනායක මහතාට සමාව දී ඔහුට පාර්ලිමේන්තුවට පැමිණීමට ඉඩ ලබා දිය හැකිය.

රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර කියා සිටියේ තමන්ද රාමනායක මහතාට අත්වූ ඉරණම පිළිබඳව කණගාටු වන බවයි. නව පාලන ව්‍යුහය තුල සජිත් ප්‍රේමදාස මහතාට වැඩි බලපෑමක් කිරීමේ අවස්ථාවක් ලැබෙන හෙයින් මේ පිළිබඳව ඔහුව දැනුවත් කොට ඉතා ඉක්මනින් රාමනායක මහතා නිදහස් කර ගැනීමට ඔහුගේ හිතවතුන් කටයුතු කරමින් සිටිති.

හිටපු පාර් ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙන් සමාව ඉල්ලා සිටීම ප්‍රතික්ෂේප කළේය.

රංජන් රාමනායකට ඇත්තේ අධිකරණයට අපහාස කිරිමේ චෝදනාවකි. නමුත් මිනීමැරුම් චෝදනා ලැබුවන්ට ජනාධිපති සමාව ලැබී ඇත.

රංජන් රාමනායකට ජනාධිපති පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා මේ වන විට කලාකරුවන් රැසක් සංවිධානය වෙමින් ඇත. රංජන් සමඟ අපි කලා හවුල නම් එම සංවිධානය පහුගියදා කොළඹදි මාධ්‍ය හමුවක්ද පවත්වා මේ ගැන ඉල්ලීම් කර තිබුණි.

රන්ජන් රාමනායක මහතාට පොදු සමාව යටතේ නිදහස ලබා දෙන්නැයි සමගි ජන බලවේගයද කීප වතාවක්ම ප්‍රකාශ ඉදිරිපත් කොට ඇත.

Related Articles