දමිතාට  තිබෙන චෝදනා  මොනවාද ?

දමිතාට තිබෙන චෝදනා මොනවාද ?

ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මෝදර පොලිසියේ රඳවා ගෙන ඇත. අරගලයේ ප්‍රකාශිකාවක් වූ දමිතා අබේරත්න නිරන්තරයෙන්ම සාමකාමී විරෝධය වෙනුවෙන් පෙනී සිටියාය.

පසුගිය ජුලි මාසයේදී ජනාධිපති කාර්යාලයට අයුතු ලෙස ඇතුලු වීම සහ එහි දේපළවලට අලාභ හානි කිරීමත්, එසේම, පොලිස් නිලධාරීන්ට තර්ජනාත්මකව බලපෑම් කිරීම හා ආරක්ෂක නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමත් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ඇය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ඉඩ ඇත.

ඉතා සැර ප්‍රකාශ කිරීමට නැඹුරුවක් දැක්වූ දමිතා අබේරත්න නිරන්තරයෙන්ම පැවසුවේ අරගලය නිම නොවූ ගමනක් බවය.

දියත උයන අසලදී අද පැවති විරෝධතාවයකින් අනතුරුව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඇය පොල්දූව හංදිය ප්‍රදේශයේදී ඇය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ

කළු හෝරාව නමින් අරගලයට සම්බන්ධවූ සියලු ක්‍රියාකාරීන් එක්ව දියත උයන පරිශ්‍රයේ අද සාමකාමී විරෝධතාවයක් පැවැත්වූ අතර එම අවස්ථාවේ එතැනට කඩා වැදුණ පොලිස් කන්ඩායමක් අත්අඩංගුවට ගෙන ඇත.

Related Articles