පෙරටුගාමින් ගෙන් පොහොට්ටු  මන්ත්‍රීන්ට යෝජනාවක්…

පෙරටුගාමින් ගෙන් පොහොට්ටු මන්ත්‍රීන්ට යෝජනාවක්…

වරෙන්තු පිට සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හොයා නුගේගොඩ පිහිටි පෙරටුගාමී පක්ෂ කාර්යාලයට පැමිණීම ආරක්ෂක අංශ අරගලකරුවන් හඹා යාම පිළිබඳව පුවත් නිර්මාණය කිරීමේ උවමනාවෙන් සිදුකළ මෙහෙයුමක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නවගමුව පවසයි.

පෙරටුගාමී පක්ෂයේ පුබුදු ජයගොඩ පැවසුවේ අරගලය ජනතාවගේ දැවෙන ප්‍රශ්න විසඳීමට මගක් නැති හෙයින් ජනතාව , අරගලකරුවන්, අරක්ෂක අංශ ආදී වශයෙන් හරහා බෙදා වෙන්කර ඒ තුලින් අරගලය හමාර කිරීමට කටයුතු කරන බවයි.

ජනාධිපති මන්දිරයේ පිහිනුම් තටාකයේ සබන් ගා නෑම හෝ පඩිපෙළ බුරුල්වීම රටේ ප්‍රධාන ප්‍රශ්න නොවන නමුත් එවැනි සිදුවීම් උලුප්පා බිය ගැන්වීමේ මෙහයුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව ජයගොඩ පේනවා දුන්නේය.

පුෂ්පික වේරංග කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී පැහැර ගැනීම සහ දනිෂ් අලි ගුවන් යානයක සිටියදී අත්අඩංගුවට ගැනීම ආදී සිදුවීම් බිය ගැන්වීමේ මනෝ විද්‍යාත්මක මෙහයුමක් බවයි පුබුදු ජයගොඩ පෙන්වා දෙන්නේ.

අටවන උගුල්වලට නොවැටීමට නම් සටන්කාමී බව මොට නොකර ගෙන සාමකාමි තත්වයට මහුණ දිය යුතු බවයි පෙරටුගමින් පෙන්වා දෙන්නේ.

පොට්ට්ටුවේ මන්ත්‍රීවරුන්ට පුබුදු ජයගොඩ කියා සිටියේ රනිල් වික්‍රමසිංහ පොරොන්දු වූ ආකාරයට අරගලය මර්ධනය කිරීමෙන් හෝ කොමාන්ඩෝ භටයින් යොදවා ආරක්ෂාව සපයා ගත නොහැකි බවත්, ඔවුන් කල යුත්තේ තමන්ගේ ගම් වලට ගොස් සිදුවූ වැරදි සම්බන්ධයෙන් ස්වයං විවේචනයක නිරත විය යුතු බවයි.

පොලිස් කණ්ඩායම් දෙකක් කර්යාලය සෝදිසි කිරීමට පැමිණ ඇත.

මීට සති කිහිපයකට පෙරත් පොලිසිය මේ ආකාරයෙන්ම එම කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ දරා තිබුණු අතර එහි සිටි පක්ෂ සාමාජිකයින්ගේ දැඩි විරෝධය හේතුවෙන් එදා ඔවුන් ආපසු හැරී ගොස් තිබිණි.

Related Articles