මරික්කාර් අමුලික  බොරු  කියා රනිල් ගේ අතටම  අසුවේ….

මරික්කාර් අමුලික බොරු කියා රනිල් ගේ අතටම අසුවේ….

ජපන් යන ගමන් සිංගප්පූරුවේ දී අර්ජුන මහේන්ද්‍රන් සමඟ දවල් කෑම කෑවා යැයි සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා
ප්‍රකාශ කිරීමත් සමඟ ජනාධිපති නිල කාමරයේ සිට සභා ගැබට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ මරික්කාර් මන්ත්‍රී වරයා අමුලික බොරු
පවසන බවයි.

“මගේ නම සඳහන් කළා. මං අර්ජුන් මහේන්ද්‍රන් මැතිතුමා එක්ක සිංගප්පූරුවේ දී දවල් කෑම ගත්තා යැයි කිව්වා. කියන්න කැමතියි උදේ වරුවේ සිංගප්පූරුවේ අභ්‍යන්තර කටයුතු ඇමති තුමා එක්ක උදේ කෑම ගත්තා. දවල් කෑම ගත්තේ සිංගප්පූරු එයාර් ලයින් එකේදි.මොකද මං දවල් එකට යන්න තිබුනේ. ඒ වෙලාවේ ගුවන් යානයට නැග්ගම කෑම ගත්තා. ඕන නම් මම මෙනු එකත් ගෙනත් පෙන්නන්නම්. මොනවද එදා කෑවෙ කියලා.

මරික්කාර් මන්ත්‍රීතුමා මෙවැනි අසත්‍ය ප්‍රකාශයක් කිරීම ගැන මම කනගාටු වෙනවා. යැයි ජනාධිපති වරයා පැවසීය.

‘මම දැක්කේ නැති එකක් තමයි මම කිව්වෙ. මාධ්‍යයේ පළ වුණ එකක් ‘යැයි පැවසූ .එස්.එම් .මරික්කාර් මන්ත්‍රී වරයා නිශ්ශබ්ද විය.

Related Articles