රනිල්ගේ ආසනය කාටද?

රනිල්ගේ ආසනය කාටද?

රනිල් වික්‍රමසිංහ මහතා වැඩ බලන ජනාධිපති තනතුරට පත්වීමත් සමඟ හිස්වන ජාතික ලැයිස්තු මන්ත්‍රී තනතුර ලබාදෙන්නේ කාටද යන සංවාදය ආරම්භ වී තිබේ .

මේ සඳහා පක්ෂයේ උප නායක රුවන් විජේවර්ධන ගේ නම මෙන්ම හිටපු ඇමති වජිර අබේවර්ධන ගේ නම යෝජනා වී ඇති අතර තවත් පිරිසක් පවසන්නේ එම අසුන හිස්ව තබා ගැනීම වඩා යෝග්‍ය විය හැකි බවයි. අසුන හිස්ව තබා ගැනීම තුලින් අනවශ්‍ය ආරාවුල් වලක්වා ගත හැකි බවයි ඇතැම් පිරිස් තර්ක කරන්නේ.

පොහොට්ටුවේ පැවති රැස්වීමකදී පෙරට පැමිණ සිටින පලපුරුදු දේශපාලඥයකු වන ඩලස් අලහප්පෙරුම මෙන්ම ස්වාධීන වූ කණ්ඩායම වෙත දැඩි විරෝධයක් පලවී ඇත.

මේ මොහොතේ දුර්ග මාර්ගයක් ඔස්සේ රිය පැදවීමට සමත් පළපුරුදු රියැදුරා රනිල් වික්‍රමසිංහ බව එක් මන්ත්‍රී වරයෙක් ප්‍රකාශ කොට ඇත.

දැනට පවතින තත්වය අනුව රාජපක්ෂවරුන්ට වැඩි රැකවරණයක් ලබාදීමට රනිල් වික්‍රමසිංහට වැඩි හැකියාවක් ඇති බව හිතන පොහොට්ටුවේ මන්ත්‍රීවරු පිරිසක් සිටින අතර ඊට වෙනස්ව හිතන තවත් පොහොට්ටු මන්ත්‍රීවරු පිරිසක් ද සිටිති.

මාරාන්තික උපවාසයක්…

රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අරලියගහ මන්දිරය ඉදිරිපිට මාරාන්තික උපවාසයක්ද ආරම්භ වී ඇති අතර වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත්වීම නොව සිදුවිය යුත්තේ අගමැති ධුරයද අතහැර දමා ගෙදර යාම බව අරගලකරුවන් පවසති .

අත්පත් කරගත් ජනාධිපති මන්දිරයේ තිබු පතපොත යළිත් ලබා ගැනීමට රතු කුරුස සංවිධානය මැදිහත් කිරීමට වික්‍රමසිංහ මහතා මැදිහත් වූ බව තහවුරු නොවූ වාර්තා ලැබී ඇත .

දේශපාලන උපාය ශුරයෙක් වන රනිල් වික්‍රමසිංහ ඉදිරි දින කීපය තුළ අරගලකරුවන් බෙදා වෙන් කරමින් තෝරාගත් පාර්ශව සමඟ ගනුදෙනු කිරීමට ඉඩ ඇති බව විචාරකයින් පෙන්වා දෙති.

Related Articles