සනත් ගේ බිරිඳ චමරිට බැරි මොකද ?

සනත් ගේ බිරිඳ චමරිට බැරි මොකද ?

රිය අනතුරකින් මියගිය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිඳ වන චමරි ප්‍රියංකා පෙරේරා කවර හෝ අයුරකින් දේශපාලනයට එක්කර ගත යුතු බව නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමට යෝජනා කොට ඇත.


මේ සඳහා ජාතික ලයිස්තු මාවත තෝරා ගැනීම පිළබඳව යෝජනාවක් පොදුජන පෙරමුණේ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වීරසිංහ පවසයි.

සනත් නිශාන්ත පුත්තලම ප්‍රදේශයේ ජන බලයක් ගොඩ නගා ගෙන සිටි බවත් චමරි ප්‍රියංකා පෙරේරා මේ පිරිස් සමඟ සමීප සබඳත පවත්වාගෙන ගිය හෙයින් පුත්තලම් ප්‍රදේශයේ බලය පවත්වා ගෙන යාම සඳහා ඇයව ජාතික දේශපාලනයට යොමු කිරීම පමා නොකොට සිදු කල යුතු බවයි පොදුජන පෙරමුණේ වැඩි දෙනා අදහස් කරන්නේ.

චමරි ප්‍රියංකා පෙරේරා නීතිවේදිනියක් වන අතර ඇය පවසන්නේ ආරාධනයක් ලැබෙන්නේ නම් දේශපාලනයට පිවිසීමට තමන් මනාප බවයි පවසන්නේ .

සැමියා මිය ගිය පසු බිරිඳ දේශපාලනයට පිවීසීම අලුත් දෙයක් නොවේ .

ස්වාමිපුරුෂයාගේ අවෑමෙන් පාර්ලිමේන්තුවට

මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ආසන්න වශයෙන් 23 දෙනෙකු පමණ බලයට පත් වී ඇත්තතේ ස්වාමි පුරුෂය මිය යාමත් සමඟමය.

සිරිමා බණ්ඩාරනායක,1960දී ශ්‍රී ලංකාවේ අගමැති ධූරයට පත් වන්නේ ලොව පළමු අගමැතිනිය ලෙසයි.ඒ තම සැමියාගේ අකල් වියෝව සමඟිනි .

 

ලෝකයේ රාජ්‍ය නායිකාවක් ලෙස වැඩිම කලක් කටයුතු කරන කාන්තාව වන වර්තමාන බංගලාදේශ අගමැතිනිය ශෙයික් හසීනා සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ මෙරට ඉතිහාසයේ මෙතෙක් පත්ව ඇති එකම කාන්තා ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග බලයට පත් වන්නේ මරණයකින් අනතුරුව ඇතිවෙන හිස්තැනක බලපැමත් සමගිනි .

 

එක්සත් ජාතික පක්ෂ අපේක්ෂයා විපක්ෂ නායක ගාමිණී දිසානායක එම ප්‍රහාරයකින් මිය ගිය අතර, හිස් වූ ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට තරඟ කළේ ඔහුගේ බිරිඳ වූ ශ්‍රීමා දිසානායකයි.

මෙම ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ප්‍රධාන තරගකාරිනියන් දෙදෙනාම සිය සැමියාගේ අභාවයෙන් පසුව ජාතික තලයේ දේශපාලනයට පිවිසි වැන්දඹුවන් වීම විශේෂත්වයකි.

පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කථානායකවරයා වූ ෆ්‍රැන්සිස් මොලමුරේගේ බිරිඳ වූ ඇඩ්ලින් මොලමුරේ රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත්වෙන්නේ රුවන්වැල්ල ආසනයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් වූ ඇගේ පියා වන මීදෙණිය අදිකාරම්ගේ මරණයෙන් පසුවයි.

1931 දී පැවති අතුරු මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ඇය ව්‍යවස්ථාදායකය නියෝජනය කළ ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තාව වන අතර මහජන ඡන්දයෙන් පත් වූ පළමු මහජන නියෝජිතවරිය ද වෙයි.

1977 දී ඩබ්. එම. විමලරත්න බණ්ඩාරගේ අභාවයෙන් පසු ඔහුගේ බිරිඳ අමරා පියසීලි රත්නායක වාරියපොලින් පාර්ලිමේන්තුවට පිවිසියාය .

1977 දී එස්. ද සිල්වා රණසිංහගේ අභාවයෙන් පසුව ඔහුගේ දියණිය සුනේත්‍රා රණසිංහ දෙහිවලින් පාර්මේන්තුවට පැමිණියාය .

1982 දී බන්දුලහේවා සේනාධීරගේ අභාවයෙන් පසුව ඔහුගේ බිරිඳ දයා සේපාලි සේනාධීර පාර්ලිමේන්තුවට එක්වුණේ කරන්දෙනියෙනි

පාර්ලිමේන්තුවට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් 1987 දී කීර්තිසේන අබේවික්‍රම මන්ත්‍රීවරයා ඝාතනය වූ පසු ඔහුගේ සහෝදරිය කීර්තිලතා අබේවික්‍රම පාර්ලිමේන්තුවට පැමිණියාය .

1983 දී කේ.ටී. පුලෙන්ද්‍රන්ගේ අභාවයෙන් පසු ඔහුගේ බිරිඳ රාසමනෝහරි පුලේන්ද්‍රන් වන්නි දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පිවිස අධ්‍යාපන රාජ්‍ය ඇමති තනතුර හිමි කරගත්තාය

1993 දී ලලිත් ඇතුලත්මුදලි ඝාතනයෙන් පසුව ඔහුගේ බිරිඳ ශ්‍රීමනී ඇතුලත්මුදලි පාර්ලිමේන්තුවට කොළඹ දිස්ත්‍රික්කයෙන් පිවිස ප්‍රවාහන ඇතුළු ඇමති තනතුරු කීපයක්ම දැරුවාය
2000 දී එම්. එච්. එම්. අෂ්‍රොෆ්ගේ අභාවයෙන් පසුව දිගාමඩුල්ලෙන් පාර්ලිමේන්තුවට පිවිසි ඔහුගේ බිරිඳ ෆේරියල් අෂ්‍රොෆ් ඇමති තනතුරු කීපයක් සහ සිංගප්පුරුවේ තානාපති තනතුර දැරුවාය .

1994 දී නන්ද එල්ලාවලගේ අභාවයෙන් පසුව ඔහුගේ බිරිඳ සුරංගනී එල්ලාවල පාර්ලිමේන්තුවට පත්වුනේ සපරගමුවෙනි

1991 මුදියන්සේ තෙන්නකෝන්ගේ අභාවයෙන් පසුව ඔහුගේ දියණිය සෝමා කුමාරි තෙන්නකෝන් කුරුනෑගලින් පාර්ලිමේන්තුවට පිවිසියාය .

2008 දී ටී. මහේශ්වරන්ගේ ඝාතනයෙන් පසුව ඔහුහේ බිරිඳ විජයකලා මහේෂ්වරන් පාර්ලිමේන්තුවට පත්වුනේ රාජ්‍ය ඇමති තනතුරක් ද ලබාගැනිමින්ය .

විජයකලා මහේෂ්වරන්

2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයෙන් පසුව ජාතික දේශපාලනයට පිවිසි ඔහුගේ දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කොළඹ දිස්ත්‍රික්ත්රික්කයෙන් පාර්ලිමේන්තුවට පිවිසියාය .

වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන් පස් දෙනෙක්
2020 පැවති මහ මැතිවරණයෙන් පත් වූ වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන් පස් දෙනෙකු ම සිය පවුලේ සාමාජිකයෙකු මිය යාමෙන් පසුව දේශපාලනයට පිවිසි අයයි.

2008 ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනයෙන් පසුව දේශපාලනයට පිවිසි වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

2002 දී ගාමිණී අතුකෝරළගේ මරණයෙන් පසු දේශපාලනයට පිවිසි ඔහුගේ සොයුරිය තලතා අතුකෝරළ

2014 දී සංජීව කවිරත්නගේ අභාවයෙන් පසුව දේශපාලනයට පිවිසි රෝහිණී විජේරත්න කවිරත්න (ඇගේ පියා හිටපු කෘෂිකර්ම ඇමතිවරයෙකු වූ කේ. වයි. එම්. කවිරත්නයි.)

2019 දී රංජිත් ද සොයිසාගේ අභාවයෙන් පසුව දේශපාලනයට පිවිසි මුදිතා ප්‍රිශාන්ති

2019 දී සාලින්ද දිසානායකගේ අභාවයෙන් පසු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක් ලෙස පත් වූ මංජුලා දිසානායක

2022 දී ගාමිණී අතුකෝරළගේ ඝාතනයෙන් පසු දේශපාලනයට පිවිසි ඔහුගේ සොයුරිය තලතා අතුකෝරළ සහ 2014 දී සංජීව කවිරත්නගේ අභාවයෙන් පසුව දේශපාලනයට පිවිසි රෝහිණී විජේරත්න කවිරත්න (ඇගේ පියා හිටපු කෘෂිකර්ම ඇමතිවරයෙකු වූ කේ. වයි. එම්. කවිරත්නයි.)

2002 දී ගාමිණී අතුකෝරළගේ මරණයෙන් පසු දේශපාලනයට පිවිසි ඔහුගේ සොයුරිය තලතා අතුකෝරළ සහ 2014 දී සංජීව කවිරත්නගේ අභාවයෙන් පසුව දේශපාලනයට පිවිසි රෝහිණී විජේරත්න කවිරත්න (ඇගේ පියා හිටපු කෘෂිකර්ම ඇමතිවරයෙකු වූ කේ. වයි. එම්. කවිරත්නයි.)

සැමියා වෙනුවට ආ බිරින්දෑවරු

 

ටී.බී. ඉලංගරත්නගේ බිරිඳ – තමරා ඉලංගරත්න

සැමියාගේ දේශපාලන අයිතිවාසිකම් අහිමි වූ අවස්ථාවල සහ මන්ත්‍රී සැමියන්ට විවිධ හේතු නිසා ඉල්ලා අස් වන්නට, මැතිවරණ පරාජය වන්නට සිදු වූ අවස්ථාවල ඔවුන් වෙනුවට පැමිණි මන්ත්‍රීවරියන් කිහිපදෙනෙකු ද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කර තිබේ.

ඒ අතුරින් පිලිප් ගුණවර්ධනගේ බිරිඳ කුසුමසිරි ගුණවර්ධන, ටී.බී. ඉලංගරත්නගේ බිරිඳ වූ තමරා ඉලංගරත්න, ක්ලිෆර්ඩ් රත්වත්තේගේ බිරිඳ වූ මල්ලිකා රත්වත්තේ වැනි චරිත කැපී පෙනෙයි.

Related Articles