සිරස  බලපත්‍රය තහනමට සුදානමක් –  සජිත්…..

සිරස බලපත්‍රය තහනමට සුදානමක් – සජිත්…..

රාජපක්ෂ වරුන්ගේ දුෂිතයින් රැක ගැනීම සඳහා වර්තමාන ජනාධිපතිවරයා කටයුතු කරන් බවත් සිරස විකාශන මාධ්‍ය විකාශන බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරගෙන යන බවත් විපක්ෂ නායක වරය පැවැසීය.

“මම එතුමාගෙන් ඉල්ලීමක් කරනවා කරුණාකරලා මේ සිරස මර්දනය නතර කරන්න. මේ සිරස ලයිසන් එක කැන්සල් කරන්නට අවශ්‍ය ඒ පිඹුරුපත් සකස් කිරීම වහා නතර කරන්න. මොකද මේ වගේ ක්‍රියාදාමයන් තුළින් නරක පණිවිඩයක් වැරදි පණිවිඩයක් ජිනීවා වලට සැප්තැම්බර් මාසයේ ලබාදෙන්නේ. ප්‍රචණ්ඩත්වය තුළ මිනිස්සුන්ට උද්ඝෝෂකයින්ට පහර එල්ල කිරීම තුළ, ත්‍රස්තවාදය එල්ල කිරීමේ පනත පාවිච්චි කිරීම තුළ ජිනීවා වල දී රට අන්තරාදායක තත්ත්වයකට පත් කරන්නේ, සිරස මර්දනය කිරීම තුළිනුත් ඒ වගේ ක්‍රියාවක් තමයි ක්‍රියාත්මක කරන්නේ කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි’ යැයි සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සිරස මාධ්‍ය වේදීන්හට පහරදීම සම්බන්ධයෙන් නිසි විමර්ශන සිදුවී නැති බව සජිත් ප්‍රේමදාස පෙන්වා දුන්නේය.

මම ජනාධිපතිතුමාට පුංචි අනතුරු ඇඟවීමක් කරන්න කැමතියි. අපි තනිකර නෙමෙයි ජනාධිපතිතුමාව තනි කරලා තමයි පොහොට්ටුව ඉදිරියට දිව යන්නේ. යැයි විපක්ෂ නායකවරයා පැවසීය.

Related Articles