සුනිල් විජේ සිරිවර්ධනගෙන් රනිල්ට, අයිවන්ට සහ කීපදෙනෙකුට මතවාද ප්‍රහාරයක්….

සුනිල් විජේ සිරිවර්ධනගෙන් රනිල්ට, අයිවන්ට සහ කීපදෙනෙකුට මතවාද ප්‍රහාරයක්….

ප්‍රකට සමාජ ක්‍රියාධාරයෙක් වන ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන පවසන්නේ ලංකාවේ සමාජ -ආර්ථික බිඳ වැටීමට හේතු වූ වැඩපිළිවෙල මෙන්ම ‘ ‘රට ගොඩ ගැනීම ” උදෙසා රනිල් වික්‍රමසිංහ යෝජනා කොට ඇති ක්‍රමයත් දෙකම එකය. එහෙයින් ගොඩ යමක් නැත.

ආචාර්ය විජේසිරිවර්ධනට අනුව වැටුනේත් ගොඩ නැගෙන්නනේත් දේශපාලනය හා ආණ්ඩුකරණය සඳහා ආචාරධාර්මික පදනමක් අනවශ්‍යය යන්න යන පදනමෙනි. මහගම සේකරගේ ප්‍රබුද්ධ බසින් කියතොත් ‘බල්ලෝ මරලා හෝ සල්ලි හොයන ‘පන්නයේ සංවර්ධනයකි.

සුනිල් විජේ සිරිවර්ධනට අනුව පොහොට්ටුව ගොඩ නගා ඇත්තේ ආචාරධාර්මික පදනමක් සහිතව නොවේ. එය පක්ෂයක් සේ පෙනී සිටින වැඩවසම් ප්‍රභූ- අන්තේවාසික සම්බන්ධතා ලක්ෂණ සහිත , එනයින් දේශපාලන බලය පවත්වාගැනීම උදෙසා සම්පාදිත ව්‍යූහයකි.

පුදුමය නම් ලංකාවේ ලිබරලුන්ටද ආචාරධර්ම නැත. ඔවුන් දේශපාලන ගේම් ප්‍රසිද්ධියේ සාධාරණීකරණය කරන්නෝ වෙති. පුදුමයකට මෙන් ජාතිකවාදීන් ද එලෙසමය. මහින්ද මහජන දේපල හොරා කෑවට මොකද , ඔහු රට බේරගත්තා යැයි ගුණදාස අමරසේකර සීරුවෙන් පෙන්වා දුන්නේය. ඒ කුලකයේ භික්ෂූන් ද ඊටම උඩ ගෙඩි දුන් බව විජේසිරිවර්ධන පෙන්වා දෙයි.

ජාතිකවාදී පිළේ මහා මෙහෙයුම්කරු නලින් ද සිල්වා විසින් ද ‘ජාතිකත්වය’ යනුවෙන් සැලකෙන පදක්කම දරන්නේ නම් දේශපාලන නායකයින් ඉතින් හොරුන්, ස්ත්‍රී දූෂකයින්, මිනී මරුවන් , මැරයන් හෝ අවි/ කුඩු වෙළෙන්දන් වීමේ ගැටළුවක් නැත.

අළුත් න්‍යාය පත්‍ර හදන මේ වකවානුවේ සුනිල් විජේසිරිවර්ධන පවසන ඔහුගේ මිත්‍ර ර වික්ටර් අයිවන් මහතා සිය ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ දියත් කොට ලංකාව ඓතිහාසික වශයෙන් ඉදිරියට තල්ලු කිරීම සඳහා ඉතිහාසය විසින් ලබා දුන් නායකයා රනිල් බව උද්දාමයයෙන් ප්‍රකාශ කර සිටින බව කියයි.

එහෙත් සුනිල්ට තම මිත්‍ර වික්ටර් ගේ යෝජනාව ගැන ‘ අනේ හොඳයි ‘ කියා කීමේ හැකියාවක් නැත.

සුනිල්ට අනුව මේ යෝජනාද . පළමු කාරණය නම් වැඩවසම් දීන මානසිකත්වය හලා ( නවීකාරක ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයකින් අපේක්ෂා කළ යුතු එක් වැදගත් ඉලක්කයක් ! ) පිබිදෙන පුරවැසි ජනතාවගෙන් පළිගන්නා මානසිකත්වයක සිටින ප්‍රතිගාමියෙකු විසින් ප්‍රගතිශීලී වැඩපිළිවෙළකට නායකත්වය දේවි යැයි විශ්වාස කිරීමයි සුනිල්ට අනුව අයිවන් කරන පලමු වැරැද්ද රනිල් කෙරේ තම විශ්වාසය පළකිරීමයි.

අයිවන් ගේ දෙවෙනි වරද නම් බහුතර මහජනයා අතර කූජිත තත්ත්වයකට පත්වුණු පාර්ලිමේන්තුවක් හා පජාත නායකයෙකු මගින් මහජනයාගේ විශ්වාසය හා ප්‍රසාදය සහිත ආණ්ඩුවක් හා නායකත්වයක් විසින් පමණක් ඉටු කළ හැකි කාර්යයක් කළ හැකි යැයි විශ්වාස කිරීමයි.

මෑත කාලවල ලෝකයේ මෙවැනි ප්‍රතිසංස්කරණ සාර්ථක වී ඇත්තේ ඉතා ඉහළ මට්ටමින් ජනතාවගේ සහභාගිත්වය ලබාගැනීමට ශක්තියක් ඇති ජනප්‍රිය ආණ්ඩු විසින් පමණක් බව සුනිල් විජේසිරිවර්ධන පෙන්වා දෙයි.

ගැටළුව එපමණක් නොවේ , ලංකාවේ සමාජ සම්බන්ධතා සකස් වී ඇති ආකාරයේ ගැටලු පිළිබඳ සංවේදීතාවක් නැත. ව්‍යවස්ථාව හා නීති හුදෙක්ම ව්‍යවස්ථාව හා නීති වෙනස් කිරීම මගින් අපේක්ෂිත වෙනස අත්පත් කරගත නොහැක.

පට්ට දූෂිත පාර්ලිමේන්තුවට සමාජ වෙනසට උර දිය නොහැකි බව තර්ක කරන සුනිල්වි ජෙසිරිවර්ධන පෙන්වා දෙන්නේ මැකියාවෙල්ලි ගේ ආචාරධාර්මික නොවන ගේම් මේ කපේට හරියන්නේ නැති බවයි.

මොනවා කරන්නටත් පෙර රාජපක්ෂ වළල්ල විසින් සොරා කෑ මහජන ධනය පිළිබඳ ප්‍රශ්නය,පාස්කු ප්‍රහාරය සහ කුලී හමුදා හා අනීතික හමුදා ඛණ්ඩ විසුරුවා තමන් ජනතාව ඉල්ලා සිටින ප්‍රජාතන්ත්ත්‍ර වාදී වැඩපිළිවෙලට සුදානම් බව විශ්වසනීය ජනතාවට ඒත්තු ගැන්විය යුතු බව ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන පෙන්වා දෙයි.

Related Articles