හිටපු  ඇමරිකානු  තානාපති  ජාලියට  වසර දෙකක  පරිවාස  දඬුවමක්  සහ දඩ….

හිටපු ඇමරිකානු තානාපති ජාලියට වසර දෙකක පරිවාස දඬුවමක් සහ දඩ….

රාජපක්ෂ පවුලේ සමීප ඥාතියෙක් වන ජාලිය වික්‍රමසුරිය හට ඇමරිකානු අධිකරණයක් මගින් වසර දෙකක පරිවාස දඬුවමක් සහ ඩොලර් පන්දහසක දඩයක් නියම කොට තිබේ.

ඇමරිකාවේ වොෂින්ටන් හි ශ්‍රිලංකාවේ තානාපති කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී ගැනුම් මිලට වඩා වැඩි මුදලක් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවෙන් ලබා ගෙන ගනුදෙනුවට කිසිසේත්ම සම්බන්ධ නැති වෙනත් සමාගමට අතිරේක මුදල යවා එම මුදල තමන්ගේ සාක්කුවට දමා ගැනීමට තැත් කිරීම අනාවරණය වීමේන් ඔහුට නඩු පැවරින. වංචා කළ මුදල ඩොලර් 332,000 කි.

තානාපති මුක්තිය ඉදිරියට දමමින් ජාලිය බේරා ගැනීමට ශ්‍රී ලංකාවේ විදේශ අමත්‍යංශය ගත් උත්සාහය සාර්ථක වුයේ නැත.

වොෂින්ටනයේ එක්සත් ජනපද දිස්ත්‍රික් උසාවියේදී දඬුවම් නියම කරනමින්, විනිසුරු ටාන්යා එස්. චුට්කන් පැවසුවේ ජාලිය වික්‍රමසුරිය බරපතල ලෙස විශ්වාශය කඩ කොට ඇති බවයි.

“මෙය ඩොලර් මිලියන ගණනක් නොවූවත්, එය ජනතාවගෙන් කරන ලද බරපතල සොරකමක් යැයි විනිසුරුවරිය පැවසුවාය.

ලෝකයේ බලවත්ම රටේ අගනුවර තම රටේ ජනතාව නියෝජනය කිරීමේ වගකීම ඔබට පැවරු වීට ඔබ එය කඩ කිරීම තුලින් “ඔබ කර ඇත්තේ බරපතල පාවාදීමක්. ” යැයි විනිසුරුවරිය පැවසුවාය. විත්තිකරු ජාලිය වික්‍රමසුරිය වෙව්ලන ස්වරයකින් ‘ සමාවෙන්න’ යැයි පැවසීය.

විතිකරු මේ වන විට හොරකම් කල මුදල ආපසු ගෙවා ඇති හෙයින් ලිහිල් දඬුවමක් ලැබෙන්නට ඇති බව වාර්තාකරුවන් පවසති.

මීට පෙර ජාලිය වික්‍රමසුරියට එරෙහිව මේ සම්න්ධයෙන් ශ්‍රී ලංකාවේ නඩූ පවරා තිබුණ අතර ඒ අතරවාරයේ ඔහු විදේශ ගත විය.

ජාලිය වික්‍රමසුරිය මහතා විදේශ ගතවීම සඳහා ඇපකරුවන් ලෙස අත්සන් කළ ඔහුගේ බිරිඳ වන ප්‍රියංග දිලිනි වික්‍රමසුරිය සහ ඥාතී සහෝදරියක වන දීපිකා කුමුදු වික්‍රමසුරිය නැමැත්තන්ට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් වරෙන්තු නිකුත් කොට තිබින.

Related Articles